Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ගොඩක් අය මාව හදුනන්නේ අර සංගීතේ ටෙලිනාට්‍යයේ ඩ්‍රම්ස් ප්ලේ කරන අමායා නේද කියලා

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහන හරහා ක්ශේෂ්ත්‍රයට එම සචිනි රණවක මේ වන විට ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම වාදයටත් දක්ෂතා දක්වන කෙනෙක්. ඇය මුලින්ම රංගනයෙන් දායක වුනේ පොහොය දින කෙටි චිත්‍රපටයකට. ඉන් පසු සචිනිට ආරාධනා ලැබෙන්නේ දෙරණෙහිම විකාශය වෙන සංගීතේ ටෙලිනාට්‍යයේ අමායා චරිතය.

ඉතින් විශේෂත්වය කියන්නේ මේ ටෙලිනාට්‍යයේ අමායා කියන්නේ ආදරවන්තියක් වගේම ඩ්‍රම්ස් වාදනය කරන කෙනෙක් විදියටත් ඇයට රංගනය සදහා අවස්ථාව ලැබෙනවා. ඉතින් සචිනි පොඩි කාලේ ඉදලම ආසාවෙන් කරන්න බලන් හිටපු දෙයක් තමයි ඩ්‍රම්ස් වාදනය. ඉතින් ඒ ගැන සචිනි රණවක අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම පුංචි කාලේ අක්කලා තබ්ලා ප්ලේ කරනවා මම බලන් ඉදලා අක්කලාගෙන් අහගන්නවා පුලුවන් වෙලාවට. ඊට පස්සෙ මම සර්ලා යටතේ ඉගෙන ගත්තා. මගේ උපාධියේ විශේෂ විෂයක් විදියට මම ඩ්‍රම්ස් වාදනය හදාරනවා. සංගීතේ බලන ප්‍රේක්ෂකයන් හිතන්නේ මම බොරුවට ඩ්‍රම්ස් ප්ලේ කරනවා වගේ ඉන්නවා කියලා. මට මුණ ගැහෙන අය පවා අහනවා. නමුත් මාව දන්න අය දන්නවා මට ප්ලේ කරනන පුලුවන් කියලා. ගොඩක් අය මාව හදුනන්නේ සංගීතේ ටෙලිනාට්‍යයේ ඩ්‍රම්ස් ප්ලේ කරන අමායා නේද කියලා. හොද ප්‍රතිචාර ලැබෙනවා. ‘’

මේ වන විට ආදරය උපරිමයෙන් විදින සචිනිට ඇගේ පෙම්වතා මුණ ගැහුනේ නොහිතපු විදියකට. ඉතින් සචිනිට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. සචිනිගේ පෙම්වතානම් මේ ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් සචිනි කියන්නේ ඇගේ පෙම්වතා නිතරම කියන්නේ ක්ශේෂ්ත්‍රයේ ඉන්නකොට හරිම පරිස්සමින් ඉන්න කියනවා කියලයි. ඉතින් සචිනිගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *