Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ බබාගේ උදේ වරුවෙ වැට ටික කරන්නෙ මම, හවස් වරුවෙ වැඩ ටික කරන්නෙ ඉසුරු

සචිනි නිපුන්සලා කියන්නේ නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ආදරය කරන කෙනෙක්. ඉතින් ඇයව ගොඩක් දෙනෙක් හදුන්වන්නේ දෙරනෙ සචිනි කියලයි. ඇය නර්තන ශිල්පිනියක් විදියට ඉතා දක්ෂ නර්තනයන් වල නියැලෙනවා අපි නිරන්තරයෙන් ඇගේ සමාජ මාධ්‍ය හරහා දකිනවා.

දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන පේෂල මාධව සමගින් සචිනි විසින් ඉදිරිපත් කරනවා. ඒ කොහොම වුණත් සචිනි පසුගිය කාලයේදී උතුම් මව් පදවිය ලැබුවා. ඉතින් ඇයට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා හැමෝම බලන් හිටියා. ඉතින් සචිනිට ලැබුණේ පුංචි පුතු පැටියෙක්. ඒ අත්දැකීම ගැන මේ විදියටයි සචිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට ගෙදර වැඩ වලට සහ බබාගෙ වැඩ වලට ලොකු සහයෝගයක් ලැබෙනවා ඉසුරුගෙන්. ඉසුරු තමයි පුතාගේ ස්ටයිලිෂ්. මම හැම අමාරුවක්ම කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා කියනවා. ඉසුරු ලොකු සහයෝගයක් ලබා දෙනවා. වෙන හස්බන්ඩ්ස්ලා එහෙම බබාගේ වැඩ වලින් කොටසයිනෙ බාර ගන්නේ. නමුත් ඉසුරු එහෙම නෑ. එයා බබාගේ හැම වැඩකටම සහයෝගය දෙනවා. අපිදෙන්නා වැඩ කරන්නේ බෙදාගෙන. මම කරන්නේ උදේ වරුව. ඉසුරු හවස් වරුව.’’

මේ විදියටයි සචිනි නිපුන්සලා ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් ලබන සචිනි මොන තරම් කාර්යබහුල වුණත් දරුවගේ හැම වැඩක්ම ඇගේ අතින්ම කරන්න තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *