මම ප්‍රසිද්ධ කෙනෙක් නිසා කොහෙටවත් යන්න බෑ, ඒක වදයක් නිසා වෙලාවට මාස්ක් එක තියෙන්නේ
ආදරණීය වස්සානය චිත්‍රපටය තුළ රංගනය කරපු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා. සචිනි මේ වන විට වසර22ක් වෙනවා කලා ක්ශේෂ්ත්‍රයට සමබන්ධ වෙලා. ටෙලිනාට්‍යය සහ චිත්‍රපට ඉතාම කුඩා ප්‍රමාණයක රංගනය කරලා තියෙන සචිනි හිස කෙස් සම්බන්ධව ආලේපන ව්‍යාපාරයක් කරගෙන යනවා.

පුංචි තිරය තුළ වැඩිපුර දැක ගන්නට නොහැකි නොවුනත් සචිනි සමාජ මාධ්‍ය තුළ බෙහෙවින්ම කතා බහට ලක් වෙන කෙනෙක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය හරහා ඉතාම ක්‍රියාකාරි කෙනෙක්.
ප්‍රේක්ෂකයන්ගේ විවිධ චෝදනාවන්ට හසුවෙන සචිනි දැන් ඒ සියලුම දේවල් සමසේ විද දරා ගන්නට පුරුදු පුහුණු වෙලා කියලයි ඇයසදහන් කරන්නේ. පසුගිය දිනයක සචිනිගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා. ඒ ඇය ග්ලව්ස් එකක් දාගෙන බත් කන වීඩියෝවක්.
මෙය සමාජයේ සාමාන්‍ය දෙයක් පිටරටවල කවුරුත් දන්න දෙයක් කියලයි සචිනි කිව්වේ. ඉතින් සචිනි කියන්නේ ඇය සාමාන්‍යයෙන් ග්ලව්ස් දාගෙන බත් කනවා කියලයි. ඒවගේම ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම ප්‍රසිද්ධ කෙනෙක් නිසා ලංකාවේ කොතනකටවත් මට යන්න බෑ. හැමෝම අදුනනවා. ලෝකේ කොහේ ගියත් ප්‍රේක්ෂකයො ආදරෙන් කතා කරනවා. අපි ප්‍රසිද්ධ කෙනෙක් වුනොත් හොද ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් බලාපොරොත්තු වෙන්න ඕන. ඉතින් මම කියන්නේ ක්ශේෂ්ත්‍රයට එන්න ඉන්න අයට මේ දේවල් දෙකම බලාපොරොත්තුවෙන් ක්ශේෂ්ත්‍රයට එන්න කියලා. මට ආදරය කරන පිරිසකුත් ඉන්නවා වගේම බනින කට්ටියත් ඉන්නවා. වෙලාවකට ප්‍රසිද්ධ එක මට කරදරයක්. මාස්ක් එක දාගෙන කැප් එකත් දා ගත්තනම් කාටවත් අදුනගන්න බෑ.”