Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ රසිකයෙක් ගෙදර ලගට ඇවිත් මගේ නම්බර් එක දෙනකන් ගියේ නෑ – ජනප්‍රිය සුරුපි රංගන ශිල්පිනී සචිනි

කාලෙන් කාලෙට කලා තරු පෑයුවත් ඔවුන්ට එදා ලැබුණු ජනප්‍රියත්වය කිසිසේත් අඩුවක් නැතුව රදවාගෙන ඉන්න කෙනෙක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ. ඇය මියුසික් වීඩියෝවල මෙන්ම විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපිට දැක ගන්න ලැබෙනවා.

මේ වන විට වැඩිපුර පුංචි තිරය හරහා ඇයව දැක ගන්න ලැබුණේ නැතත් ඇය සමාජ මාධ්‍ය හරහානම් ගොඩක් ජනප්‍රිය කලා තරුවක්. සචිනි අයේන්ද්‍රා කියූ පමණින්ම ඕනම කෙනෙක් දන්න ඇය විලාසිතා කරන හොදම වර්ගවල විලාසිතා අනුගමනය කරන කෙනෙක්.

ඉතින් සචිනි අයේන්ද්‍රා මේ වන විට ආදරණීය මවක් වෙනවා. ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙනවා. ඉතින් ඒ වගේ ඇය මුහුණ දුන්න ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ගැන සචිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුණේ.

” මම සාමාන්‍යයෙන් රූපවාහිනි වැඩ සටහනකට ගියාම ෆොටෝ එකක් ගහලා ඉන්න තැන දානවා. ඒ වගේ එදත් මම ටීවි ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් ඒ විදියට දැම්මා ඉන්න තැන. ඊට පස්සෙ වැඩසටහන ඉවරවෙලා රෑ 12ට විතර මම ඇවිත් ගෙදර ලගින් බහිද්දි ගේට්ටුව ළගට ඇවිත් සචිනි කියලා කෑ ගැහුවා. මම බය වුනා. තනියම හිටියෙ මම. එයා මාව ටීවී ප්‍රෝග්‍රෑම් එක තිබ්බ තැන ඉදලා මාව ෆලෝ කරගෙන ගෙදර ලගට ඇවිත්. මගේ නම්බර් එක දෙනකම් යන්නෙ නෑ කිව්වා. මම ඉතින් මගේ නම්බර් එක දුන්නා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *