Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඇත්තටම මට අතින් කන්න පුරුදු නෑ, අතේ ගෑවෙනකොට අප්පිරියාවක් දැනෙනවා

පුංචි තිරයේ වගේම සිනමාවෙත් දකින්න ලැබුණු සචිනි අයේන්ද්‍රා මේ වන විට සුරූපිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ වගේම ප්‍රේක්ෂකයා අතර කතා බහට ලක් වෙනවා. ඉතින් සමාජ මාධ්‍ය තුළ කාගේත් ආකර්ෂණයට ලක් වුණු සචිනි අයේන්ද්‍රා වැඩිපුර නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයා හමුවට ආවේ නැතත් ඇය කල නිර්මාණ කීපය හරහා කාගේත් ආදරය ලබා ගන්නට ඇය සමත් වෙලා තියෙනවා.

ඉතින් සචිනි කියන්නේ දරුවන් දෙදෙනෙකුගේ මවක් වුණත් තවම සුරූපි බවින්නම් අඩුවක් වෙලා නෑ. ඇය ගැන පසුගිය කාලයේදී කවුරුත් උද්‍යෝගීව කතා කරන්නට පෙළඹුනේ ඇය අත් ආවරණ යොදා බත් කන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් එක්කයි.

සචිනි අයේන්ද්‍රා කියන මේ සුරූපිනිය කුඩා කාලයේ පටන් හොස්ටල් ජීවිතයක් ගත කරමුන් විනයකින් යුතුව කුඩා කල සිටම හැදී වැඩුනු කෙනෙක්. ඉතින් ඇගේ දියනියන්ගේ මිතුරන් විසින් පාසලේදී ග්ලව්ස් දාලා කන එක ගැන ඇහුවම උත්තර දෙන්න නොහැකි වෙලා තියෙනවා. කාටත් ප්‍රශ්නයක් වෙලා තිබුණු ග්ලව්ස් දාලා කෑම කන එක ගැන සචිනි කිව්වේ මේ වගේ අදහසක්.

” මම ඉස්කෝලේ යනකොට හිටියෙ හොස්ටල් එකේ. මම ඉස්කෝලේ යන කාලේ ඉදලා කෑවේ හැදි ගෑරුප්පු වලින්. ඉතින් අතින් කෑවොත් මගේ නේල්ස් කහ වෙනවා. මම ගොඩක් වෙලාවට අතින් කන්නෙම නෑ. මගේ ෆෑන්ස්ලා විදෙස් රටකදි මට ඉදිආප්ප හදලා තිබ්බා. මම කිව්වා අතින් කන්න බැරි නිසා කන්න බෑ කියලා. එතකොට එයාලා මට ග්ලව් එකක් දුන්නා. ඊට පස්සේ තමයි මමත් පුරුදු වුණේ. දැන් මට අතින් කන්නම පුරුදු නෑ. අතේ ගෑවෙනකොට අප්පිරියයි.”

මේ විදියටයි සුරූපි සචිනි අයේන්ද්‍රා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *