Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

නිර්වාන් චරිතය මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නේ – ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ

‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ ද්විත්ව චරිතයකට රංගනයෙන් දායක වෙන ඔහු ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ. ඔහු රංගනය කල ටෙලිනාට්‍යය අතරින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ටෙලිනාට්‍යයක් තමයි කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය. ඊට අමතරව සචින් රංගනය කරන තවත් ටෙලිනාට්‍යයක් අපිට ස්වාධීන රූපවාහිනිය හරහාත් දැක ගන්න පුලුවන් ඉදිරියේදී.

ඒ ‘ ජානු’ ටෙලිනාට්‍යයේ ප්‍රේමාන්විත චරිතයක්. ඉතින් සචින් රංගනය වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් කරනවා. ඔහුගේ ප්‍රියතම දෙයක් තමයි ක්‍රිකට් කියන්නේ. ජනප්‍රිය නලුවා විදියට නිර්දේශිත නාමයන් අතරට යන්න හැකිවීම ගැන සචින් බෙහෙවින් සතුටට පත් වෙනවා. ඉතින් සචින් පසුගිය දා ඔහුගේ නිර්වාන් චරිත රංගනය ගැන අදහස් දක්වලා තිබුණේ.

” නිර්වාන් චරිතය මේ වෙනකොට ආරම්භ වෙලා අවුරුදු දෙකකට ආසන්නයි. ඉතින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේ තුළ මම ද්විත්ව චරිත රංගනයක් කලේ. නිර්වාන් සහ අනුත්තර චරිත දෙකම මම කලේ. දැන් නිර්වාන් චරිතය මිනිස්සුන්ට එපා වෙලා. ඒක එක තැන ප්ලේ වෙනවා. නිර්වාන්ට බැනපු අය දැන් අනුත්තරට ආදරේ කරනවා.”

මේ විදියටයි සචින් ලියනගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *