Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට තාම අවුරුදු 26 යි, සම්මානය ලැබුණෙ නැතත් මම හිනාවෙලා ඉන්නවා

පුංචි තිරයේ මේ වන විට කාර්‍යබහුල චරිතයක් වන ඔහු කඩවසම් රංගන ශිල්පී සචින් ලියනගේ. සචින් රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය විදියට ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයට ඔහුට බොහොම ඉහලින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. තවමත් සචින්ගේ සහ ශලනිගේ ආදර කතාවට හැමෝගෙම ආකර්ෂණය ලැබුණා. ඉතින් සචින් රංගනයෙන් දායක වෙන නවතම ටෙලිනාට්‍යයක් මේ දිනවල ප්‍රේක්ෂක අපිට දැක ගන්න පුලුවන්. ඒ ‘සංසාරිණී’ ටෙලිනාට්‍යය.

ඉතින් කඩවසම් තාරුණයට හිමිකම් කියන සචින් ලියනගේ ජනප්‍රිය රංගන ශිල්පියා කලා ගමන ආරම්භ කලේ බොහොම අමාරුවෙන්. ඉතින් ඒ විදියට මහන්සි වෙලා කලා ගමනට අත්පොත් තැබූ සචින් ලියනගේ ජනප්‍රිය නලුවා සම්මානයට එක දිගට වසර තුනක් නිර්දේශ වුණා. ඉතින් ඒ ගැන සචින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුණේ.

” මට තාම අවුරුදු 26 යි. මම හරිම සතුටුයි මට ජනප්‍රිය නලුවා විදියට තුන් වතාවක් දෙවැනි ස්ථානය ලැබුණු එක. සම්මානය නොලැබුණාට දුකක් නෑ. මම හිනාවෙලා ඉන්නවා. ප්‍රේක්ෂකයෝ මගෙ පැත්තෙන් බලන එකේ මොකක් හරි අඩුපාඩුවක් ඇති. ඒකයි මෙහෙම වෙන්නේ. ඒ අඩුපාඩුව හදාගෙන ඉදිරියට යන්න කැමතියි මම. ‘’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *