Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම රගපාන සමහර කොටස් අම්මා ටීවි එකේ දකිද්දි පුටුවෙන් නැගිටලා යනවා

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්ත නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සචින් චතුරංග කියන්නේ. ඔහුට පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලැබෙනවා. නමුත් සචින් වැඩිපුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ කලු චරිත තුලින්.

ඉතින් මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය පෙම්වතා විදියට කොයි කවුරුත් ආදරය කරන සචින් චතුරංග හිරු නාලිකාවේ ‘ලංවී’ ටෙලිනාට්‍යය හරහා ඉරෝන් විදියට වගේම ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ අභී විදියට කාගේත් ආදරය ලබා ගන්නවා.

ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩිපුර ලබන සචින් සැබෑ ජීවිතේ ආදරය හොයන ආදරණීය පෙම්වතෙක්. ඉතින් පුංචි තිරයේ ඉරෝන් සහ රසාංගගේ ආදර කතාව සැබෑ ආදරයක්ද කියලා ප්‍රේක්ෂකයන්ට සැකයක් හිතෙන තරමට ඔවුන් දෙදෙනා රංගනය කරනවා.

ඉතින් ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පී සචින් චතුරංගගේ රංගනයට ඔහුගේ ගෙදරින් ලැබෙන ප්‍රතිචාර ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” ගෙදරින් ප්‍රතිචාර ලැබෙනවා. අපේ තාත්තා කලා ක්ශේෂ්ත්‍රයට සමීප රැකියාවක් කරපු නිසා එයාට තේරුම් ගැනීම තියෙනවා. අම්මානම් සමහරක් වෙලාවට මම රගපාන වෙලාවල් ටීවී එකේ යද්දි නැගිටලා යනවා. ආදරණීය සිප ගැනීම් මම වෘත්තීය විදියට කරන්නේ. එතනින් එහාට මොකුත් නෑ.”

මේ විදියටයි සචින් චතුරංග අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *