Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මුලින්ම රගපෑවේ බින්දු චිත්‍රපටයේ, මට අවසානේ අලියව දාලා යන්න බැරි වුණා

ගායකයෙක්, රංගන ශිල්පියෙක්, වාදකයෙක් කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වන ඔහු තාරුණ්‍යට හිමිකම් කියන කඩවසම් සචින් චතුරංග. කලා කටයුතු සමගින් කාර්යබහුල වෙලා ඉන්න සචින් පාර දිගේ ටෙලිනාට්‍යයේ අභී ලෙස හැමෝගෙම ආදරය ලබනවා. ඉතින් ලංවී ටෙලිනාට්‍යයේ ඉරෝන් කියන චරිතයට බොහෝ පිරිසක් සචින්ට ආදරය කලා.

කුඩා කාලයේ සිටම කලා ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ වුණු සචින් චතුරංග Rawds සංගීත කණ්ඩායම සමගින් මේ වන විට කාර්යබහුල වෙලා ඉන්නවා. ඉතින් සචින් ළමා නලුවෙක් විදියට කලා ක්ශේෂ්ත්‍රයට පිවිසුණු ආකාරය ගැන ඔහු මේ විදියටයි එක්තරා පුවත්පතකට අතීතය ගැන මතක් කරලා තිබුණේ.

” මම ක්ශේෂ්ත්‍රයට ඇවිත්මේ වෙනකොට වසර 18 යි. මට අවුරුදු 4 දි වගේ තමයි රගපාන්න ආවේ. මුලින්ම දායක වුණු සිනමා නිරමාණය තමයි බින්දු. ඒ අලි පැටියව දාලා යන්න දුක හිතුනා. අලි පැටියටත් මාව දාලා යන්න බැරුව හොඩ වැලෙන් අල්ලගෙනම හිටියා. මට ඇඩුනා. ඊට පස්සේ බඹර වලල්ල, සිරි පැරකුම්, පුංචි අපිත් බය ආ දැන්, තණ්හා රති රගා, චිත්‍රපටවලට දායක වුණා.”

මේ විදියටයි සචින් චතුරංග ඔහුගේ කලා ගමන ආරම්භ කලේ. ඉතින් ආදරය උපරිමයෙන් හොයන සචින් උපරිමයෙන් ආදරය විදිනවා කියලයි ඔහු කියලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *