මට තියෙන්නෙ පාසල් ප්‍රේමයක්, අපි යාලුවෝ වගේ ඉදලා තමයි ආදරවන්තයො වුණේ
ශ්‍රී ලංකාවේ ඉන්න සුරූපිනියක් විදියට හදුන්වන්න පුලුවන් ඇය තමයි රුමාලි කේශිදා කියන්නේ. දෙරණ නාලිකාවේ විකාශය වුණු ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යය තුළින් මුලින්ම රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයට එන රුමාලි අද වන විට ගොඩක් දෙනා දන්න ජනප්‍රිය චරිතයක් වෙලා. ඇය මෙම ටෙලිනාට්‍යයට පසුව නැවතත් දෙරණෙහිම විකාශය වුනු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රදීශ්ගේ අක්කා විදියට ප්‍රේක්ෂකයන් අතරට ආවා.

ඉතින් රුමාලි ගැන පසුගිය කාලයේ වැඩිපුර සමාජ මාධ්‍ය තුළ කතා මැවුනා. ඒ ඇය ඇගේ ශරීරය කෙට්ටු කරගන්න ඇය බත් ආහාරයට නොගෙන එළවළු වගේ දේවල් ආහාරයට ගන්නවා කියලා ඇය එක්තරා අවස්ථාවක සදහන් කරලා තිබුණ නිසයි. ඉතින් අවුරුදු ගානකින් බත් කාලා නෑ කියපි රුමලිට ගොඩක් දෙනා එක එක කතා කියන්න පටන් ගත්තා.
ඉතින් සුරූපිනියක් වෙන රුමාලි ඇගේ පෙම්වතා ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ. ඒ වගේම ඇයට ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන මේ විදියටයි කියලා තිබුණේ.

” මට තියෙන්නේ පාසල් ප්‍රේමයක්. අපි දෙන්නා මුලින්ම යාලුවෝ. එයා බාස්කට් බෝල් ප්ලේ කලා. යාලුකම තමයි ටික ටික ඉස්සරහට ගිහින් අද වෙනකොට ආදරවන්තයො වුණේ. මට හොදම යාලුවෙක් කියලා ඉන්නේ එයා විතරයි යාලුවො ගොඩක් හිටියට. ”
මේ විදියටයි ජනප්‍රිය සුරූපිනී රුමාලි කේශිදා ඇගේ අදහස් දක්වලා තිබුණේ.