Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

දැන් අවුරුදු 5 ක් වෙනවා බත් කන්නැතුව, මම බත් දැක්කත් මහත් වෙනවා- ජනප්‍රිය රංගන ශිල්පිනී රුමලි කේෂිදා

රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට ටෙලිනාට්‍යය රංගන ශිල්පිනියක් විදියට අපිට දැක ගන්න පුලුවන් කෙනෙක් තමයි රුමලි කේශිදා කියන්නේ. මුලින්ම වෙලදදැන්වීම් වල රංගනය කල ඇය පසුව රංගන හැකියාව තියෙන නිසා ටෙලිනාට්‍යය තිර පරීක්ෂණයකට සහභාගි වෙන්නේ.

ඉතින් හැමෝම කතාවට ලක්වෙන සුන්දර රූපයකට හිමිකම් කියන රුමලි දෙරණෙහි විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. ඇයට නිර්මාණ සදහා ආරාධනා ලැබුනත් ඒවා භාර නොගන්නේ තමන් කරන වැඩේට උපරිම දායකත්වය ලබා දීම සදහායි.

පසුගිය දා මිස් ඒෂියා ශ්‍රී ලංකා විදියට පසුගිය දා අපේ රට නියෝජනය කලා. ඉතින් රටවල් 67ක් නියෝජනය කරපු මේ අවස්ථාවට ඇයට සහභාගි වෙන්න අවස්ථාව ලැබීම රුමලිගේ වෘත්තීය ගමනට ලොකු අත්දැකීමක්. පාසල් කාලයේ සිටම කරගෙන යන ප්‍රේම සමබන්ධයක් තමයි රුමලිට තියෙන්නේ. ඉතින් පසුගිය දා රුමලි ගැන වැඩිපුර කතා කරන්නට වුණේ ඇය එක්තරා රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වෙලා දැක්වූ අදහස් කිහිපයක් නිසා. ඒ ගැන ඇය කිව්වේ මේ වගේ අදහසක්.

” මම හිටියේ ගොඩක් මහතට. මම බත් කන එක අඩු කලාම මගේ බරත් අඩු වුනා. ඒක එක එක්කෙනාගේ ශරීරයට වෙනස් වෙනවා. ඒ විදියට බත් කෑම අඩු කරලා මේ වෙනකොට අවුරුදු 5ක් වෙනවා. යාලුවෝ එක්ක හරි පවුලේ අය එක්ක හරි එලියට ගියාම බත් කටක් දෙකක් කනවා. ඒ ඇර කන්නෙ නෑ. මම බත් දැක්කත් මහත් වෙනවා. පළතුරු මස් මාළු තමයි මම කන්නේ. ‘’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී රුමලි කේශිදා ඇගේ සුරූපි බවේ රහස පුවත් පතක් සමගින් තොරතුරු හුවමාරු කරගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *