අල්ලපු ගෙදර අංකල්ට කරදර කරලා තමයි මම රංගන ශිල්පිනියක් වෙන්නේ
රංගන ශිල්පිනියක් වගේම ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක් වන සුරූපී රුක්ෂානා දිසානායක කියන්නේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂක අපි අතරට ආව කෙනෙක්. ඉතින් රුක්ෂානා මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සිරස නාලිකාවේ විකාශය වන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ කුරුලුගේ නැන්දා විදියට අපි අතරට එනවා. ඉතින් ඉතාම ලස්සන විදියට විලාසිතා කරන රුක්ෂාණා මේ වන විට ඇගේ නර්තන ඇකඩමියක්ද කරගෙන යනවා.

අද වන විට ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුවත් අද මේ ඉන්න තැනට එන්න ඇය ලොකු මහන්සියක් සහ උත්සහයකින් තමයි වැඩ කටයුතු කරලා තිබුණේ. ඉතින් රුක්ෂානා කලා ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය ගැන මේ විදිහටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්චාවකදී අදහස් දක්වලා තිබුණේ.
” අපෙ ගෙදරට එහා ගෙදර අංකල්ට කරදර කරලා තමයි මම කලා ක්ශේෂ්ත්‍රයට ආවේ. ඉතින් උදේ ඉදලා ඇන්ටිට කියලා කියලා හවස අංකල් ගෙදර ආපුවහම අංකල්ට කියනවා. ඉතින් එහෙම බල කරලා චාන්ස් එකක් ඉල්ලගෙන තමයි මම මුලින්ම උතුම් පැතුම් ටෙලිනාට්‍යයේ රගපෑවේ.”

ඉතින් සුරූපි රුක්ෂානා ක්ශේෂ්ත්‍රයේම කෙනෙක් සමගින් සබදතා පැවැත් වූවත් ඇයගේ ආදරය නිවෙස් වලින් බලපෑමක් ඇති වුණේ වයස් පරතරය නිසයි. නමුත් දැන් ඇය නැවතත් ආදරය සුන්දරව විදිමින් ඉන්නවා. ඉතින් ඇගේ අලුත් ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.