මම මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරන්නේ, කැරපොත්තන්ට පොඩ්ඩක්වත් බය නෑ
රුක්ෂලා විජේසිංහ කියන්නේ මේ දිනවල ඉතාම ජනප්‍රිය චරිතයක්. ඇය රංගන ශිල්පිනියක් විදියට අපිට පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන් රුක්ෂලාව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ දොලේ මහත්තයාගේ සෙකට්‍රි විදියටයි. ඉතින් රගපෑමට ආව අලුත් මුහුණ ගැන හැමෝගෙම අවධානය යොමු වුණා.
රුක්ෂලා කලා ක්ශේෂ්ත්‍රයට පිවිසුණේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ Impas රංගන පාසලට සහභාගි වුණායින් පසුව තමයි ඇයට අවස්ථාව ලැබෙන්නේ කෝලම්කුට්ටමේ රංගනය කරන්න. ඉතින් කුඩා කල ඉදලම ඉංග්‍රීසි මාධ්‍ය අංශයට නැඹුරුවක් තිබුණ නිසාම රුක්ෂලාට සිංහල භාෂාව උච්චාරණය කරන්න අපහසුයි. ඉතින් ඇය ඇගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් මේ විදියටයි ප්‍රේක්ෂකයන් සමගින් බෙදා හදා ගත්තේ.

” මට අම්මයි තාත්තයි අයියයි ඉන්නේ. මේ වසරේ ඕලෙවල් ලියන්නේ. මම ඉගෙන ගන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසලක. මම පොඩි කාලේ ඉදලම ඉංග්‍රීසියෙන් බස හසුරුවන නිසා සිංහල කත කරන්න ටිකක් අපහසුයි. රගපානකොට ඒක ටිකක් අමාරුයි. අධ්‍යාපනය කරගෙන යන අතරේ රංගනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මම සත්තුන්ට ගොඩක් ආදරේ කරන සත්තුන්ට බය නැති කෙනෙක්. මම කැරපොත්තන්ට බය නෑ. පොඩි කාලේ දවසක් මම හිස් ගිණි පෙට්ටියක කැරපොත්තෙක් දාගෙන ගිහින් ටීචර්ට දුන්නා. ටීච හයියෙන් කෑගැහුවා. දවසක් මම ටීචර්ට තෑගි දුන්නා පණුවො ටිකක්.”
මේ විවිදියටයි රංගන ශිල්පිනී ශමින්දි රුක්ෂලා ඇගේ අදහස් දක්වලා තිබුණේ.