Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

හැමෝටම ලැබෙන්න ඕන ඒ වගේ නැන්දම්මා කෙනෙක්, මට සැලෝන් යන්න කියනවා

රොෂාන් පිලපිටිය ආදරණීය රංගන ශිල්පියාගේ ආදරණීය බිරිද තමයි රිද්මා පිලපිටිය කියන්නේ. රොෂාන් පිලපිටියව නිතරම මේ දිනවල පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපි අතරට එනවා. ඒ අතරින් හිරු නාලිකාවේ විකාශය වෙන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ ඔහුව දැක ගන්න පුලුවන්. ඒ වගේම තවත් ටෙලිනාට්‍යය කිහිපයකම දැක ගන්න ලැබුණු ඔහු කලා ක්ශේෂ්ත්‍රයට පායපු තරුවක් කිව්වොත් නිවැරදියි.

ඉතින් රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය තම පුත් රාහුල් සමගින් ඉතාම සතුටින් ජීවිතය ගත කරනවා. ඒ වගේම රිද්මා පිලපිටිය ඇගේ යූ ටියුබ් නාලිකාව හරහා විවිධ කෑම හදන සහ ඇගේ එදිනෙදා ජීවිතය ගත කරන විදිය ආකාරය ගැන වීඩියෝස් ප්‍රේක්ෂකයාට ගෙන එනවා. රොෂාන් පිලපිටියගේ ආදරණීය මෑණියන් ගැන රිද්මා අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” ඇත්තටම රොෂාන් අයියගේ අම්මා මගේ අම්මා හා සමානයි. ඒ තරමටම එයා හොදයි. හැම ලේලියකටම ලැබෙන්න ඕන ඒ වගේ අම්මා කෙනෙක්. හැම දුවකටම ලැබෙන්නත් ඕන එ වගේ අම්මා කෙනෙක්. මට තේරෙන්නෑ එයා කොහොමද ඒ විදියට හැසිරෙන්නේ කියලා. මමත් දවසක නැන්දම්මා කෙනෙක් වෙනවනේ. ඉතින් ඒවගේ නැන්දම්මා කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. එයා මට සැලෝන් යන්න කියනවා. අනික අපිදෙන්නම කන්න කැමති පැනි රස ජාති වලට. ඉතින් අපි දෙන්න කෑම හදාගෙන කනවා.”

මේ විදියටයි රිද්මා පිලපිටිය ඇගේ නැන්දම්මා මල්ලිකා පිලපිටිය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *