Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ලංකාවේ ඉන්නෙ පොෂ් සිංගල් මාම්ලා, මමනම් කියන්නේ පුලුවන් තරම් පවුල රැකගන්න උත්සහ කරන්න කියලා

රංගන ශිල්පිනියක් විදියට කාලයක් ක්ශේෂ්ත්‍රයේ හිටපු ඇය අද වන විට තම ජීවිතයේ වැඩිබර පවුල් ජීවිතයට ලබා දීලා ආදරණීය අම්මගේ භූමිකාව මනා අයුරින් ඉටු කරන ඒ සුරූපිනිය තමයි රිද්මා පිලපිටිය කියන්නේ. නමේ සැබෑ අරුතෙන්ම ඇගේ සැමියාව අදුනගන්න පුලුවන් රිද්මා විවාහ වෙලා ඉන්නේ ක්ශේෂ්ත්‍රයේ ප්‍රවීන කාලයක සිට රංගන ක්ශේෂ්ත්‍රය තුළින් හැමෝගෙම ආදරය ආකර්ෂණය ලබා ගත්ත ඔහු රොෂාන් පිලපිටියයි.

ඉතින් රොෂාන් රිද්මා ආදරණීය කැදැල්ල අපි විටින් විට සමාජ මාධ්‍ය හරහා දකිනවා. රොෂාන් සහ රිද්මා කියන්නේ දරුවාත් එක්ක උපරිමයෙන් ජීවිතේ විදින පවුලක්. ඉතින් රිද්මා නිවසේදි වගා කටයුතු කරනවා වගේම ඒවා ඇගේ යූ ටියුබ් නාලිකාව තුලින් ප්‍රේක්ෂකයන් සමගින් බෙදා ගන්නත් ඇය අමතක කරන්නෙ නෑ.

ඉතින් රොෂාන්ගේ ආදරණීය බිරිද රිද්මා ලංකාවේ තනිවන දරුවන් බලා ගන්න අම්මලා ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” ඉස්සර කාලේ ඉදලම මේ සිංගල් මාම් කියන දේ තිබුණා. වෙනසකට තියෙන්නේ ඉස්සර අම්මලා බොහොම අමාරුවෙන් තමන්ගෙ දරුවොත් බලාගෙන ජීවත් වුණා. අද කාලේ ලංකාවේ ඉන්න පොෂ් සිංගල් මාම්ලා සැමියට යටහත් නොවී ඔලුව නමන්න බැරි කමට තනිවම ජීවත් වෙන්න හදනවා. නමුත් අහිංසක දරු පැටියෙක් තමයි ඒ දේවල් වලින් දුක් විදින්නේ.’’

මේ විදියටයි රිද්මා පිලපිටිය සුරූපිනිය ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *