Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ ආදර කතාවට දැන් අවුරුදු 20ක්, අපි ආදරේ කරනකොට නිකම්ම ළමයි දෙන්නෙක් විතරයි

සිනමාවේ කඩවසම් සිහින කුමාරයා තමයි රොෂාන් රණවන කියන්නේ. ඉතින් කොතෙකුත් අලුතින් රංගන ශිල්පීන් බිහි වුණත් රොෂාන් රණවනට එදා ලැබුණු ආදරය තවමත් කිසිම අඩුවක් නැතුව ප්‍රේක්ෂකයාගෙන් ලැබෙනවා. ඔහුටම අනන්‍ය වූ ඒ කඩවසම් භාවය නිසා රොෂාන් රණවන කියන මේ රංගන ශිල්පියා පසුපස ඔහුට ආදරය කරන බොහෝ පිරිසක් සිටිනවා.

ඉතින් මේ වන විට විවාහ වෙලා දරුවෙකුගේත් සුරතල් බලන රොෂාන් රණවනගේ ආදර කතාවට දිගු ඉතිහාසයක් තියෙනවා කියලා කවුරුත් දන්නවා. ඉතින් පවුල් ජීවිතය ඉතාම ලස්සනට ගෙනියන රොෂාන් කලා ජීවිතයත් හොදින් කරගෙන යනවා. ඉතින් රොෂාන් රණවන සහ කුෂ්ලානි ආදර කතාවේ ජයග්‍රාහී අවුරුදු 20ත් ඔවුන් පසු කර හමාරයි. ඉතින් ඒ ගැන රොෂාන් කුෂ්ලානී අදහස් දක්වලා තිබුණේ ම් විදියටයි.

” අපි දෙන්නගෙ ආදර කතාවට දැන් අවුරුදු 20 යි. අපි දෙන්නා යාලුවෙනකොට කුෂ්ලානී නිකම්ම නිකම් පාසල් ශිෂ්‍යාවක්. මම පාසල් අධ්‍යාපනය ඉවරකරපු සාමාන්‍ය ළමයෙක්. එතකොට නළුවෙක් ඔය කිසි කෙනෙක් නෙමෙයි. අපි දෙන්නට දෙන්නා හරිම අවබෝධයකින් තමයි මේ ගමන ආවේ. ඉතින් දැන් අපිට පුතෙකුත් ඉන්නවා. විවාහ වෙලා අපි දෙන්න ඉතාම සතුටින් ඉන්නවා. එකිනෙකාට හොදින් අවබෝධයෙන් මෙහෙම ගමනක් යනවනම් කිසි ප්‍රශ්නයක් නෑ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *