Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ආදරයෙන් පැරදිලා ඉන්නකොට මට හම්බවෙනවා මගේ බිරිදව, එයා මගේ දෙවෙනි අම්මා

කණ්ඩායම් සංගීත කලාවට නව අරුතක් එක් කරමින් ආදරණීය රසිකයින්ට සංගීතයේ හඩ මුසු කරන ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම කියන්නේ වෙනස් වශයෙන් හදුන්වා දියයුතු දෙයක් නෙමෙයි. එහි ගගන ගාමියා වන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට නායකත්වය ලබා දෙන ඔහු ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දු.

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ගායනය තුලින් රසිකයා අමන්දානන්දයට පත් කරවන සුන්දර ගායකයෙක්. ඔහුගේ සංගීත ජීවිතය වගේම පවුල් පරිසරය තුළ ඉතාම සතුටින් ජීවත්වෙන ආදරණීය දරුවන් තිදෙනෙකුගේ පියෙක්. ඉතින් සංගීත ජීවිතයට වගේම සිය පුද්ගලික ජීවිතය තුළ පිටු පසින් සිට හැම දේකටම සෙවනැල්ල වගේ ඉන්නේ ඔහුගේ ආදරණීය බිරිදයි. ඇයත් විටෙක ගායිකාවක් විදියට ගීත ගායනා කරනවා.

ඉතින් රොෂාන්ට ඔහුගේ බිරිදගේ හමුවීමත් එක්ක ජීවිතයේ ඇති වූ වෙනස්කම් ගැන ඔහු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම මගේම කියලා මගේම කරගන්න හදපු ආදර කතාවක් නැති වෙනවා. මගේ මුලු ජීවිතේම එතනදී කඩා වැටෙනවා. ඉතින් ආදරයෙන් පැරදිලා ඉන්න මට හම්බවෙනවා තවත් කාන්තාවක්. ඇය මගේ ජීවිතෙ මම හිතනවට වඩා වෙනස් කරනවා. මගේ දෙවෙනි අම්මා වගේ. ආදරය කියන්නේ දෙන්නා මුණ ගැහිලා පෙම් බස් දොඩන එකට නෙමෙයි. ඉතින් මගේ බිරිද ඒ විදියට මගේ සෙවනැල්ල වගේ හැමදේම බලා ගන්නවා. ආදරය නිසා පරාජය වෙලා හිටපු මාව උස්සලා තියන්නේ මගේ බිරිද. අදටත් මගේ හිතේ එයා වෙනුවෙන් ඒ ගරුත්වය තියෙනවා.”

මේ විදියටයි ජනප්‍රිය ගායක, ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *