Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ නංගිට තමයි හොදටම සිංදු කියන්න පුලුවන්, එයා යන ගමන දිහා ආසාවෙන් බලන් ඉන්නවා

ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන ගායන පවුලක් තමයි රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේකා පෙරේරා කැදැල්ල. ඔවුන්ගේ ආදරණීය දියනියන් දෙදෙනා වන රයිනි චාරුකා සහ වින්ඩි ගුණතිලක කියන්නේත් ගායන ක්ශේෂ්ත්‍රයේ ඉන්න මියුරු හඩක් සහිත හිමි ගායිකාවන් දෙදෙනෙක්. රූකාන්ත ගුණතිලකගේ ලොකු දුව රයිනි චාරුකා ගායන තරගාවලියක විනිසුරුවරියක් විදියටත් වැඩ කටයුතු කලා.

දෙමාපියන් ගායන ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන චරිත වුනත් ඇය ඇගේ ජීවිතය තුළ තනිවම සංගීත ගමන ආරම්භ කල කෙනෙක්. ඉතින් ඇය ඇගේ ගීත කිහිපයක්ම ප්‍රේක්ෂකයන්ට අසන්නට ලබා දීලා තියෙනවා. අක්කයි නංගියි දෙන්නම සංගීත ක්ශේෂ්ත්‍රයේ ඉන්න තරුණ ජනප්‍රිය ගායිකාවන් දෙදෙනෙක් වගේම ඔවුන්ට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් කිසිම අඩුවක් නෑ.

ඉතින් තමන්ගේ ආදරණීය නංගිගැන මේ විදියටයි ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා එක්තරා ගුවන් විදුලි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ නංගිට තමයි හොදටම සිංදු කියන්න පුලුවන්. එයාට මම කිව්වා මම සිංදු කියලා කීයක් හරි හොයා ගත්තම එයාට ක්ශේෂ්ත්‍රයට එන්න කියලා. අපේ නංගි තව ටික කාලයයි ක්ශේෂ්ත්‍රයට ඇවිත්. නමුත් එයා හොද ගමනක් යන ගමන් ඉන්නේ. ඉතින් මම හරි ආසාවෙන් බලන් ඉන්නවා එයා යන ගමන ගැන.”

මේ විදියටයි ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *