මගේ ජීවිතය පල්ලා අපේ තාත්ති දේශපාලනයෙන් සත පහක්වත් හොරකම් කරලා නෑ – ගායන පවුලේ ලොකු දුව රයිනි
ශ්‍රී ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රය තුළ කවුරුත් කතා බහ කරන කවුරුත් ආදරය කරන ගායන පවුලක් තමයි රූකාන්ත ගුණතිලකගේ සොදුරු කලා පවුල. පවුලේ සියලුම දෙනා ගීත ගායනා කරනවා වගේම පවුලේ කොන්සට් පවා ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන්. රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේකා පෙරේරා, රයිනි ගුණතිලක සහ වින්ඩි ගුණතිලක කියන්නේ මේ පවුලේ සාමාජිකයින්.

ඉතින් වින්ඩි මෑතකදී විවාහ වුණේ ජනප්‍රිය තරුණ පරම්පරාවේ ගායන ශිල්පියෙක් වන සනුක වික්‍රමසිංහ සමගයි. ඉතින් කවුරුත් ආදරේ කරන ඒ මිහිරි හඩවල් මේ වන විට අතිශය ජනප්‍රිය චරිත බවට පත්වෙලා.
පසුගිය දා රයිනි චාරුකා සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡාවකදී රූකාන්ත ගුණතිලක මහතා ගැන දැක්වූයේ මේ වගේ අදහසක්.
” අපේ තාත්ති හරි ආසයි මිනිස්සුන්ට යම් සේවාවක් කරන්න. එයාගෙ වටේ ඉන්න හැමෝම එයාව පුෂ් කරනවා දේශපාලනයට. නමුත් තාත්ති දේශපාලනයට එන්න කැමති නෑ. මොකද එයා සංවේදී කෙනෙක් වගේම ඇත්ත කතා කරන කෙනෙක්. තාත්ති පොඩි කාලේ ඉදලා ආසාවෙන් ඉදලා තියෙන්නේ මිනිස්සුන්ට සේවය කරන්න. මගේ ජීවිතේ පල්ලා මගේ තාත්ති දේශපාලනයෙන් සත පහක්වත් හොරකම් කරලා නෑ.”

මේ විදියටයි රයිනි චාරුකා අදහස් දක්වලා තිබුණේ.