මගේ ජීවිතේ හොදම යාලුවෙක් නෑ, රවීන් කණිෂ්කම තමයි මගේ හොදම යාලුවා
ගායකයෙක්, නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් විදියට ජනතාවගේ ආකර්ෂණය ඉහලින්ම ලබා ගත් තරුණ පරපුරේ කඩවසම් චරිතයක් තමයි රවීන් කණ්ෂ්ක කියන්නේ. රවීන් කියනවාට වඩා ඔහුව බොහෝ දෙනා දන්නේ අනුහස් කියලා. ඒ දෙරණ නාලිකාවේ ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ අනුහස් චරිතය ටෙලිනාට්‍යය මුල සිට අග දක්වාම එක විදියට බොහෝ දෙනාගේ ආදරය ලබා ගන්නට සමත් වුණා.

ඉතින් රවීන් කණ්ෂ්ක කුලියාපිටිය ප්‍රදේශයේ ඉදලා කොළඹ ඇවිත් අද වන විට රටම දන්න සුපිරි තරුවක්. ඉතින් පසුගියදා පැවත් වුණු රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ නිවේදකයෙක් විදියට කටයුතු කලා. ඒ වගේම ජනප්‍රිය නළුවා විදියටත් මීට පෙරදී සම්මානයට පාත්‍ර වුණු රවීන් කණ්ෂ්ක එක්තරා මාධ්‍ය හමුවකදී මේ විදියටයි ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.

” මට හොදම යාලුවෙක් නෑ. මට ඉන්න හොදම යාලුවා තමයි රවීන් කණ්ෂ්ක. මම මේ කාලයක් හම්බකරපු මගේ ධනය තමයි ප්‍රේක්ෂකයො. ඉතින් මම කදුළු දහඩිය වගුරලා මහන්සියෙන් ආපු ගමන තුළ මට ආදරය කල රසිකයින් ඉන්නවා. මම විශ්වාස කරනවා හෙටත් ඒ අය මම එක්කම ඉදියි කියලා. මට දැන් වුණත් හිතෙනවා මම මේ දකින්නේ හීනයක්ද කියලා.”
මේ විදියටයි ජනප්‍රිය රවීන් කණ්ෂ්ක ඔහුගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.