Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ළගදිම දෙවෙනි ඉනිම ඉවර වෙනවා, ඒත් මම ඉක්මනටම වෙන නිර්මාණයකින් ළගදිම එනවා

රවීන් කණ්ෂ්ක කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් පමණක් නෙමෙයි. ඔහු ගායකයෙක්, නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂක අපි අතරට එනවා. දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ මුල සිටම අවසානය දක්වා ප්‍රධාන චරිතයකින් රංගනය කල රවීන්ව ගොඩක් දෙනා හදුනන්නේ අනුහස් කියලා.

ඒ තරමටම ඔහුගේ ඒ චරිතය මිනිසුන්ට සමීපයි. ඉතින් මේ කාලය තුළදී රවීන් හදන්නේ ඔහුගේ සංගීත ජිවිතයට වැඩි ඉඩක් ලබා දෙන්නයි. ඉතින් රවීන් ඔහුගේ අලුත් සහ ප්‍රථම සිනමා නිර්මාණ අත්දැකීම ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මේ වෙනකොට දෙවෙනි ඉනිම අවසානය ගොඩක් ලන් වෙලා තියෙන්නේ. හොද ලස්සන වෙනස් අත්දැකීමක් වෙයි. දෙවෙනි ඉනිම 2 කොටසකින් නෙමෙයි මම ඉදිරියේදී එන්නේ. මගේ ප්‍රථම සිනමා නිර්මාණ අත්දැකීම අප්‍රේල් මාසෙ අග තිරගත වෙයි. ‘ක්ෂිර සාගරය කැළඹිණ’. දෙවෙනි ඉනිම ඉවර වුනාට මම වෙනස්ම නිර්මාණයකින් එනවා. මගේ ඉදිරි සංගීත වැඩ වලට මම ලොකු ඉඩක් දෙන්න හිතන් ඉන්නේ.”

මේ විදියටයි රවීන් කණිෂ්ක ඔහුගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *