මම විවාහ වෙන්නෙ නෑ, ආදරේ විශ්වාස කරන්න අමාරුයි
ඉන්දියානු සම්ප්‍රධායට නෑකම් කියන ස්වරූපයක් තියෙන ඇය සුරූපී රංගන ශිල්පිනී රශිපබා සන්දීපනී. ඉතින් ටෙලි තිරය වගේම සිනමාව තුළත් අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමය ඇය. මේ දිනවල රශිපබාව අපිට දැක ගන්න ලැබෙන්නේ හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ සත්සරණී විදියටයි.

මේ චරිතය මීට පෙර රංගනය කල ශලනි තාරකා චරිතයෙන් ඉවත් වීමත් එක්ක ඒ අභියෝගය ඇයට බාර ගන්න සිදු වෙනවා. කොහොක නමුත් ඒ අභියෝගය ඉතා සාර්ථකව කරගෙන යන රශිපබාට ගොඩක් චරිත මග හැරෙන්නේ ඇගේ සමේ වර්ණය නිසායි.
ඉතින් රශිපබා සන්දීපනි තවම පෙම්වතියක් නෙමෙයි කියලත් ඇයට ගොඩක් ආදරය කරන බොහෝ දෙනා දන්නවා. ඉතින් ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම විවාහ වෙන්නෙ නෑ. ආදරේදී විශ්වාස කරන්න අමාරුයි. හොද අවබෝධයක් දෙන්නට දෙන්නගෙ තියෙන්න ඕන. ඒ වගේම සමාජ දැනුම. උපාධියක් ලබා ගෙන තියෙන දැනුම නෙමෙයි. එහෙම කෙනෙක් ලැබුණොත් මම විවාහ වෙයි. නැත්නම් සදහටම තනියම ඉන්නවා. අවුරුදු දහයක් පුරාවට මම තනියම මේ හැමදෙයක්ම ගොඩ නගා ගත්තේ. ඉතින් මම මට ආදරෙයි. ඒ නිසා මට තනියම ගමනක් යන්න පුලුවන්.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී රෂිප්‍රබා සන්දීපනී අදහස් දක්වලා තිබුණේ.