Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නගෙ යාලුකමට එහා ගිය බැදීමක් තියෙන්නේ, පරස්පර විරෝධි අදහස් තමයි අපේ වීඩියෝවල සාර්ථකත්වය

යූ ටියුබ් නාලිකා අතරින් කවුරුත් ආසාවෙන් නරඹපු වීඩියෝස් තියෙන්නේ ජනයි ප්‍රියයිගේ. ඉතින් ඒ විදියට ජනතාවගේ ආදරය ලබා ගත්ත ජනයි ප්‍රියයි යූ ටියුබ් නාලිකාවට පසුගිය දා සුමති සම්මාන උළෙලේදී සම්මානයක් හිමි කරගන්නට වාසනාවන්ත වුණා. ඉතින් ජනයි ප්‍රියයි කියලා කවුරු හැදින්වූවත් ඔවුන්ගේ සැබෑ නාමයන් චමල් සහ රංග.

ඉතින් චමල් සහ රංග මුලින්ම හමු වෙලා තියෙන්නේ යාලුවෙකුගේ මාර්ගයෙන්. පාටියකදී. 2013 වසරේ. චමල් රංග සමගින් මුලදි කතා නොකලත් පසුව දෙදෙනා හොදම යාලුවෝ වුණා. ඉතින් රංග සහ චමල් ජනයි ප්‍රියයි වුණේ කොහොමද කියලා මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න අපිදෙන්නගෙම කිසිම අදහසක් තිබුණෙ නෑ. අපි දෙන්නම ඇඩ්වටයිසි ෆර්ම් එකක වැඩ කර කර හිටියේ. ඔෆොස් එකේ විහිලු කර කර හිටියේ. බොස් කිව්වා ටීවි චැනල් එකකට දාලා දෙන්නම් කියලා. ඊට පස්සේ ඒ වැඩේ හරි ගියේ නෑ. ජනයි ප්‍රියයි කියලා එෆ් බී එකට වීඩියෝස් දැම්මා.

මුලින්ම විව්ස් 600 ක් තිබුණා. ඒ කාලේ වැඩියෙන්ම වීව්ස් ගියේ 6000ක්. ඊට පස්සේ යූ ටියුබ් එකට වීඩියෝස් දැම්මා. අපේ යාලුකමට එහා ගිය සහෝදර බැදීමක් තියෙන්නේ. ඒවගේම අපි දෙන්නගෙ පරස්පර විරෝධි අදහස් තියෙන්නේ. එක්කෙනෙක් රයිස් කන්න කැමතියි. අනිත් කෙනා රයිස් ඇන්ඩ් කරී කන්න කැමතියි. ඒ පරස්පර විරෝධි අදහස් තමයි අපි දෙන්නගෙ වීඩියෝස් වල සාර්ථකත්වය.”

මේ විදියටයි ජනයි ප්‍රියයි අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *