Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ තාත්තා වෙල්ඩර් කෙනෙක්, අපි ජීවත් වෙන මගේ ගේ හදලා දුන්නෙ මගෙ යාලුවෝ ටික

චරිතාංග රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂකයා හරි ආදරෙන් බලන චරිතයක් තමයි රන්දික ගුණතිලක කියන්නේ. ඔහු ටෙලි තිරය තුලින් වගේම සිනමාව හරහාද ප්‍රේක්ෂක අපිට දැක ගන්න පුලුවන්. ඔහුව මේ දිනවල දැක ගන්න පුලුවන් ටෙලිනාට්‍යයක් විදියට හිරු නාලිකාවේ විකාශය වෙන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ ශිවා.

ඉතින් මේ දිනවල රන්දික රංගනයෙන් දායක වෙන සිනමා නිර්මාණය තමයි ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටය. ඉතින් විවිධ නිර්මාණ හරහා එකිනෙකට වෙනස් චරිත රංගනය කරන රන්දික ගුණතිලක රංගනය පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ඉගෙන ගන්නේ රංගනය අතින් ඉදිරියට යන්නයි.

ඉතින් රන්දිකට සැබෑ ජීවිතේදී ආදරයක් තිබුණත් ඒ ගැන ඔහු ප්‍රසිද්ධියේ නොකියා රහසක්ව තියා ගන්නවා කියලයි අදහස් දක්වන්නේ. ඉතින් රන්දිකගේ සැබෑ මිතුරන් ගැන ඔහු අදහස් දැක්වූයේ මේ විදියටයි.

” අපේ තාත්තා වෙල්ඩර් කෙනෙක්. අම්මනම් ගෘහනියක්. මගේ ළග ඉන්නේ සහෝදරයො වගේ යාලුවෝ. මගේ හැමදේකටම උදව් කරනවා. මට ඉගෙන ගන්න දේවල් වලට , මගේ සමාජ මාධ්‍ය පිටුවල අඩුපාඩු, මගේ වැඩ වලට හැමදේටම සහය දෙන්නෙ මගේ යාලුවෝ. මගේ දෙමව්පියෝ මට කලා තමයි නමුත් පිටස්තරයො හැටියට යාලුවෝ කරපු උදව් විදියට මම ජීවත් වෙලා ඉන්න ගෙදර හදන්නත් බාස්ලාගෙ වැඩ හොයලා බලලා කලේ මගේ යාලුවෝ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී රන්දික ගුණතිලක අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *