Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම අවුරුදු 21 දි, ඉතාම අඩු වයසින් අම්මා කෙනෙක් වුණේ, මගේ පළවෙනි විවාහයෙන්

ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි ගායකයෙක් විදියට හදුන්වන්න පුලුවන් නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ඔහු ගායනා කරන ගීත මේ වන විට ආදරණීය රසිකයින් ඉතාම ආදරයෙන් ශ්‍රවණය කරන්න බලාගෙන ඉන්න ගීත. ඉතින් ජනප්‍රිය ගායක දිනේෂ් තරංගගේ සුන්දර කැදැල්ලට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර විවිධයි.

දිනේෂ් විවාහ වෙලා ඉන්නේ ඔහුට වඩා අවුරුදු නවයක් වයසින් වැඩිමහල් කාන්තාවක් එක්ක කියලා මේ වන විට නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් දිනේෂ් තරංගගේ ආදරණීය බිරිද තමයි රැන්ඩෙලා කියන්නේ. රැන්ඩෙලා ඇයගේ ප්‍රථම විවාහය අසාර්ථක වෙලා දුවෙක් එක්ක තනි වෙලා ඉන්න විට තමයි දිනේෂ්ව මුණ ගැහෙන්නේ.

ඉතින් දිනේෂ්ගේ ආදරණීය බිරිද රැන්ඩෙලා ඇගේ උතුම් මව් පදවිය ගැන අත්දැකීම මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ඉතාම අඩු වයසින් උතුම් මව් පදවිය ලබපු කෙනෙක්. මම ප්‍රථම වතාවට අම්මෙක් වෙනකොට මට වයස අවුරුදු 21 යි. අපේ අම්මලා මට යෝජනාවකි ගෙනාව කෙනෙක් සමග විවාහ වෙලා ඉන්නකොට තමයි මම ප්‍රථම වතාවට අම්මෙක් වුණේ. ඉතින් කොයි කාටත් අම්මෙක් වෙනකොට දැනෙන සතුට තමයි මටත් දැනුනේ. මගේ අතේ තාම ස්කෑන් කරපු රිපෝර්ට් තියෙනවා. ඉතින් මාව මුලින්ම අම්මෙක් කරලා දැන් වන විට මට හොදම යාලුවෙක් වෙලා ඉන්නවා එයා.”

මේ විදියටයි ජනප්‍රිය ගායක දිනේෂ්ගේ ආදරණීය බිරිද රැන්ඩෙලා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *