අපේ අක්කට සිංදු කියන්න පුලුවන් ලංකාවේ ඉන්න ගායිකාවන්ට වඩා
රහල් අල්විස් කියන්නේ අමුතුවෙන් ප්‍රේක්ෂකයන්ට හදුන්වා දෙන්න අවශ්‍ය කරන ගායකයෙක් නෙමෙයි. ඔහු සංගීත ක්ශේෂ්ත්‍රය තුළ නොමැකෙන මතක සහිත ගීත ගණනාවක්ම ප්‍රේක්ෂකයාට රස විදින්නට ලබා දුන් ගායකයෙක්. ඔහු ගායනා කල ගීත අතරින් කවුරුත් වැඩිපුරම ආදරේ කරන්නේ ‘සිතට හොරා මං’ ගීතයටයි.

මේ ගීතය ආදරණීය හදවත් වලට ගායනා කරන හරිම ආදරණීය ගීතයක්. ඉතින් ඒ වගේම ගායන ක්ශේෂ්ත්‍රය තුල ඔහුටම අනන්‍ය වූ හඩ පරාසයක් හිමි රහල් සංගීත කලාව තුළින් පමණක් නෙමෙයි ඔහු ඔහුගේම ව්‍යාපාරයක් ද කරගෙන යනවා. සැලෝන් එකක් කරගෙන යන රහල් ගැන කාලයක් වැඩිපුර කතා නොකලත් ඔහු ගැන හැමෝම උනන්දුවෙන් කතා කරන්නට වුනේ ඔහුගේ විවාහයත් සමගයි.
ඉතින් රහල් මෑතකදී විවාහ වෙනවා. ඉතින් ඔහුගේ බිරිද ගැන සමාජ මාධ්‍යයේ විවිධ කතාවන් සහ විවේචනයන් ගියත් ඔවුන් දෙදෙනා ඉතාම සතුටින් පවුල් ජීවිතය ගත කරනවා. ඉතින් රහල් ඔහුගේ පවුලේ සංගීතයට තියෙන හුරුකම ගැන මෙ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” ඇත්තටම අපේ තාත්තට හොදට ගීත ගායනා කරන්න පුලුවන්. මම පොඩි කාලෙ ඉදන් තාත්තා සිංදු කියනවා ගෙදරදි අහලා තියෙනවා. මට ඕන වුනා තාත්තගේ ගීතයක් කරන්න. මම තාත්තට කිව්වේ මේක නිසා මට තියෙන ශෝ නැති වෙලා තාත්තට ශෝස් එයිද කියලා. අපේ කලා පසුබිමක් නොතිබුණත් අපේ අක්කටත් නැන්දලාට එහෙමත් හොදට ගීත ගායනා කරන්න පුලුවන්. අපේ අක්කට ලංකාවේ ඉන්න ගායිකාවන්ට වඩා හොදට සිංදු කියන්න පුලුවන්. අක්කා දැන් ඉන්නෙ ලංකාවේ නෙමෙයි. මම එයා ලංකාවට ආවම ගීතයක් කරවනවා.”
මේ විදියටයි ජනප්‍රිය ගායන ශිල්පී රහල් අල්විස් අදහස් දක්වලා තිබුණේ.