Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ෆැෂන් කරන නිසා මම කැමතියි මගේ බිරිද සරලව නෝර්මල් එකේ ඉන්නවට

සිතට හොරා මං, ශෘංගාරී, මායම්, හීනයක් ප්‍රේමයක්, ඊයේ උදයේ වැනි ගීත ගණනාවක්ම ආදරණීය රසිකයාට ආදරයෙන් ගෙන එන ඒ ලයාන්විත ගායන ශිල්පියා තමයි රහල් අල්විස් කියන්නේ. ආදරණීය පෙම් හදවත් වලට සමීප වෙන මේ සොදුරු ගායන ශිල්පියාගේ ගීත වලට අපේ රසික පිරිස් ඉතාම ආදරය කරනවා.

ඉතින් කාලයක් වැඩි පුර දැක ගන්නට ලැබුණෙ නැතත් පසුගිය දා නැවත කරලියට ආපු රහල් ගැන කවුරුත් කතා බහ කරන්නට වුණේ ඔහුගේ විවාහයත් එක්කයි. ඉතාම කෙටි කාලයකින් සූදානම් වුණු රහල්ගේ විවාහය ඔහුට සහකාරිය හොයලා දුන්නේ ඔහුගේ ආදරණීය අම්මා විසින්.

ඉතින් රහල්ගේ විවාහ උත්සවය ගැන කවුරුත් කතා බහ කරන්නට හේතු වූ ප්‍රධාන කාරණයක් තිබුණා. ඒ ඔහු තම ආදරණීය බිරිද සමගින් සමාජ මාධ්‍යට දැමූ ඡායාරූපයකට ප්‍රේක්ෂකයෙකුගේ කමෙන්ට් එකකට ඔහු ලබා දීලා තිබුණේ ආදර්ශමත් පිළිතුරක්. ඉතින් රහල් අල්විස් ඒ ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම කැමතියි සරල කෙනෙක්ට. මට කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මීට වඩා ලස්සන කෙනෙක්ව හොයා ගන්න තිබ්බා කියලා. මම කැමතියි සරල චාම් ඉන්න කෙනෙක්ට. ඉතින් මම ෆැෂන් කරන නිසා මගේ බිරිද සරලව ඉන්නවට කැමතියි. මම හොයා ගත්තේ මට ඕන කෙනෙක්ව.”

මේ විදියටයි රහල් අල්විස් අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *