Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ මේ විවාහය කැඩුනොත්නම් ආයෙ මම ජීවිතේට කසාද බදින්නෙ නෑ

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට කවුරුත් ආදරය කරන ඇය පූර්නිකා පීරිස්. මීට කාලයකට පෙර පුර්නිකා රංගන ශිල්පිනියක් විදියට දැක ගන්න ලැබුණට මේ වන විට ඇයව දැක ගන්නට ලැබෙන්නේ නිවේදිකාවක් විදියටයි. ඉතින් මේ වන විටනම් බොහෝ දෙනෙක් දන්නවා පූර්නිකා පීරිස් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස්ගේ නංගි කියලා.

ඉතින් අක්කයි නංගියි දෙන්නම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය තරු. මේ වන විට දෙදෙනාම විවාහ වෙලා. පූර්නිකා ඇගේ පළමු විවාහයට සමු දීලා දෙවන විවාහය තුළ මේ වන විට සතුටින් ජීවත් වෙන්නේ. ඇගේ සැමියා තමයි තබ්ලා වාදකයෙක් වගේම ඉතාම දක්ෂ නිවේදකයෙක් වන පේෂල මනෝජ් කියන්නේ.

ඉතින් පූර්නිකා ඇගේ පළමු විවාහයේ දරුවා ආදිත්‍ය සමගින් පේෂල ලගට ඇවිත් අද වන විට ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. අභිමන්‍යු පවුලට එකතු වීමත් එක්ක. ඉතින් පූර්නිකා ඇගේ පළමු විවාහය තුළ අසාර්ථක වීමත් එක්ක ඇගේ ජීවිතයේ ලබපු අත්දැකීම් සමගින් ඇය විවාහය ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපිට එකට ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕන. නමුත් ඉතින් කොහොමහරි පවුල රැකගන්න ඉවසලා දෙන්නට ඉන්න බැරිනම් වෙන් වෙන්න වෙනවනේ. මම මොනව හරි හේතුවක් වෙලා මේ විවාහය කැඩුනොත් ආයෙනම් ජීවිතේට කසාදයක් ගැන හිතන්නෙ නෑ. පේෂලට මම ගෞරව කරනවා එයා ආදිට හැමෝටම වඩා ආදරෙයි. ”

මේ විදියටයි පූර්නිකා පීරිස් ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *