මගේ ලොකු පුතා පේෂලට ආදරය කරපු නිසා තමයි මම පේෂල සමගින් විවාහ වූනේ
නිවේදිකාවක් විදියට වසර 20ක පමණ කාලයක් තුළ වැඩ සටහන් මෙහෙය වූ පූර්නිකා පීරිස් දක්ෂ නිවේදිකාවකි. කලා පසු බිමක් තියෙන පූර්නිකාගේ පියා සහ ඇගේ ලොකු තාත්තා ගුවන් විදුලියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිවේදකයන්. මුලින්ම ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වුණු පූර්නිකා පසුව දෙරණ ආයතනයට නිවේදනය සදහා සම්බන්ධ වෙනවා. ඉතින් පූර්නිකා පීරිස් කියන්නේ දක්ෂ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි නර්තන ශිල්පිනියක්ද වෙනවා.

ඉතින් පූර්නිකා පීරිස් කියන මේ දක්ෂ නිවේදිකාවගේ පෞද්ගලික ජීවිතය තුළ ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා දෙවන විවාහයක් කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේ වන විට උතුම් මව් පදවිය දෙවතාවක් ලබපු පූර්නිකා පීරිස්ගේ දෙවැනි විවාහයේ සැමියා තමයි දක්ෂ නිවේදකයෙක් වන පේෂල මනෝජ් කියන්නේ. ඉතින් අද කාලේ වන විට කාන්තාවක් දෙවන විවාහයකට යනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඉතින් ඒ අභියෝගය ගැන අවධානමක් ගත්ත පූර්නිකා ඇගේ කතාව මේ විදියටයි කියලා තිබුණේ.
” මට සතුටින් ඉන්න බැරි තැන තමයි විවාහයෙන් වෙන් වුණේ. දෙවෙනි පාරට වෙන විවාහයකට නොයා අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් පුතා එක්ක හිටියා. පේෂල හම්බවුනාම මම දෙමාපියන්ට කියලා හිමින් තමයි විවාහ වෙන්න තීරණය කලේ. මම පේෂලව විවාහ කරගන්න මූලිකම හේතුව වුණේ මගේ පුතා ඔහුට දක්වපු ආදරය, සෙනෙහස වගේ දේවල් නිසා. ඒ විදියට පුතා ඔහුට සමීප වුණේ නැත්නම් මම කවදාවත් දෙවැනි විවාහයකට යන්නෙ නෑ.”

මේ විදියටයි ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්නිකා පීරිස් ඇගේ දෙවැනි විවාහය ගැන කියලා තිබුණේ. පේෂල මනෝජ් සමගින් විවාහ වෙලා ඉන්න පූර්නිකා ඉතාම සතුටින් තමයි මේ වන විට ජීවත් වෙන්නේ. දැන් ඔවුන් දෙදෙනා පුතාලා දෙන්නෙකුගේ ආදරණීය මව්පියන්.