Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි හැම උත්සවයක්ම සමරනවා, අපේ පවුල කතෝලික බෞද්ධ මික්ස් එකක් තියෙන්නෙ

කලා ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන චරිත ඉන්න රටම දන්න හදුනන කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ දෙවැනි දුව තමයි ශේෂාද්‍රි කියන්නේ. රංගනයට වගේම නිවේදනයට දක්ෂතා දක්වන ඇය මේ වන විටනම් කලා නිර්මාණ හරහා දැක ගන්න ලැබෙන්නේ නෑ.

ඒ ක්‍රිෂාන්ගේත් ශේෂාද්‍රිගේත් ආදරණීය පුංචි දෝණි ක්‍රිෂාර්යයා නිසා. මේ වන විට ආදරණීය මවක් වන ශේෂාද්‍රි තමන්ගේ ලෝකයම දරුවා කරගෙන කලාවෙනුත් ඈත් වෙලා දියනිය වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. ඉතින් ඔවුන්ගේ එදිනෙදා තොරතුරු අපිට සමාජ මාධ්‍ය හරහා දැක ගන්න ලැබෙනවා.

ඉතින් ක්‍රිෂාන් සහ ශේෂාද්‍රි කතෝලික දහමට අනුව ජීවිතය ගෙනියන හරිම ආදරණීය පවුලක්. හැමදාම ඉරිදට පල්ලි යන මේ සුන්දර කැදැල්ලේ සතුට හැමදාම තියෙන විදිය ගැන මේ විදියටයි ශේෂාද්‍රි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපි හැම ඉරිදම පල්ලි යනවා. පවුල පිටින් හැමදාම තමන් අදහන ආගමික ස්ථානයට ගියාම ඒ පවුල හැමදාම සතුටින්. අපි හැම උත්සවයක්ම සමරනවා. නත්තල්, වෙසක් හැම උත්සවයක්ම සමරන්න අපි වාසනාවන්ත වෙලා ඉන්නේ. මොකද සාරංග අයියා එහෙම බෞද්ධ. ක්‍රිෂාන් අපි කතෝලික. අපේ කතෝලික බෞද්ධ මික්ස් එකක් තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *