මම අදින්න ආස කොටට, කාලයක් දිගට ඇන්දෙ ගීතිකා චරිතය නිසා
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ඉතාම ආදරයෙන් ප්‍රේක්ෂකයා වැළදගත්ත ටෙලිනාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ හැම චරිතයකටම වාගේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කලා. ඒ අතරින් සුදු චූටිගේ හොදම යාලුවා ගීතිකාටත් ගොඩක් දෙනෙක් ආදරය කලා. ගීතිකා විදියට රංගනය කල ඒ හුරු බුහුටි සුරුපී ගෑණු ළමයා තමයි ප්‍රවීනා දිසානායක කියන්නේ. ඉතින් ප්‍රවීනා මියුසික් වීඩියෝ හරහාත් දැක ගන්න ලැබෙනවා.

දිගු වරලසක් හිමි ප්‍රවීනා හරිම නිහතමානී චරිතයක්. ඉතින් ක්ශේෂ්ත්‍රයේ බොහොමයක් වැඩ නොකලත් ඇයට ගීතිකා චරිතය හරහා ලැබුණු ජනප්‍රියත්වය සමග කවුරුත් ප්‍රවීනා ගැන හොයන්න පටන් ගත්තා. ඉතින් ප්‍රවීනා කියන්නේ අනුරාධපුරයේ එප්පාවල ප්‍රදේශයේ උපන් කෙනෙක්. ඉතින් පොඩි කාලේ ඉදලම නර්තනයට දක්ෂතා දැක්වුවත් රංගනයට එන්න කිසිම අදහසක් නොතිබුණු කෙනෙක්.
කොහොමහරි රංගනයට එන ප්‍රවීනා දිසානායක ඇය විලාසිතා කරන ආකාරය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ගොඩක් ආස කොටට අදින්න ඇග පේන්න අදින්න. නමුත් මම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය විකාශය වෙන කාලේ දිග ඇදුම් ඇන්දේ ප්‍රේක්ෂකයෝ මාව දකින්න කැමති වුණේ ගීතිකා වගේ නිසා. නමුත් මම හිතුවා ප්‍රවීනාව දැන් ප්‍රේක්ෂකයන් හදුනගෙන ඉන්න නිසා මට කැමති විදියට අදින්න මම තීරණය කලා. මේ මම දැන් අදින්නේ මගේ විදියට. මම ඉස්සර ඉදන්ම ලස්සනට ඇන්දා. විලාසිතා කලා. නමුත් මම සුදුසු තැනට සුදුසු විදියට අදිනවා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ප්‍රවීනා දිසානායක ඇගේ අදහස් දක්වලා තිබුණේ.