Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ඉස්කෝලේ යනකාලේ හිතන් හිටියෙ අවුරුදු 23 දි කසාද බදිනවා කියලා

රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය ආකර්ෂණය ලබන ඒ සුරූපිනිය තමයි පූජනී භාග්‍යා කියන්නේ. ඇය මේ වන විට පෙම්වතිය සහ අහිංසක චරිත කිහිපයක්ම හරහා ප්‍රේක්ෂක අපි අතරට ආවා. ඉතින් මෑතකදී පූජනීව දැක බලා ගන්න පුලුවන් ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ ‘මැස්සා’ ටෙලිනාට්‍යය හරහා.

ඉතින් ප්‍රේක්ෂක හදවතේ ආදරය ශිනා ගන්නට සමත් පූජනී ඇගේ සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම ඡායාරූප හුවමාරු කරනවා. ඇය සහ ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ගයාන් ගුනවර්ධන සමගින් ප්‍රේම සබදතාවයක් තියෙනවා කියලත් ගොඩක් දෙනෙක් මේ වන හිතනවා. නමුත් ස්ථීරවම ඔවුන් පෙම්වතුන් කියලා සදහන් කරන්නෙ නෑ.

ඉතින් පූජනී සහභාගි වුණු එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී ඇය විවාහ වෙන්න බලාපොරොත්තු වෙන වයස් සීමාව ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ හිතාගෙන හිටියේ අවුරුදු 23 දි වගේ කසාද බදිනවා කියලා. නමුත් දැන් හිතෙනවා අවුරුදු 23 කියන්නේ පොඩි ළමයෙකුගෙ වයසනෙ කියලා. ඊට පස්සේ දැන් හිතන්නේ මගේ වැඩ ටිකක් තියෙයි ඒ දේවල් ටික කරගත්තම විවාහය ගැන හිතනවා කියලා. මගේ ටාගට් ටිකක් තියෙයි කරන්න.”

මේ විදියටයි පූජනී භාග්‍යා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇය හිතන පතන විදියටම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *