Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ ජීවිතේට ආවේ ගියේ බොරුකාරයෝ, මම ජීවිත කාලෙම තනිකඩව ඉන්නවා

මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රුක්ෂානා විදියට රංගනයෙන් දායක වෙන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි ශ්‍රී නායකයි. ඉතින් ඇය මේ දිනවල පාර දිගේ ටෙලිනාට්‍යය සමගින් කාර්යබහුල වෙලා ඉන්නවා වගේම ඇය අලුත් ටෙලිනාට්‍යයකත් රංගයෙන් දායක වෙනවා.

ඉතින් පියුමි ශ්‍රී නායක කියන්නේ රසට උයන්න පුලුවන් කෙනෙක්. ඇගේ අම්මා තමයි පියුමිට හොදින් උයන්න පුරුදු කරලා තියෙන්නේ. ස්වභාවිකත්වය අගය කරන පියුමි ඇගේ ගෙවත්තේත් විවිධ ගස් වැල් වවලා තියෙන්නේ. රංගනයට අවතීර්ණ නොවුනොත් පියුමි ගෙදරට වෙලා මොකුත් නොකර ඉදියි කියලයි ඇය අදහස් දැක්වූයේ. ඉතින් පුංචි තිරය හරහා වගේම සමාජ මාධ්‍ය හරහාත් පියුමිට ආදරය කරන ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඒ ඇගේ යූ ටියුබ් නාලිකාව හරහා. ඉතින් ආදරය ගැන පියුමි කිව්වේ මේ වගේ අදහසක්.

” අම්මෝ ආදරය කියන වචනෙ ඇහෙනකොටත් බයයි. මම හිතන්නේ අම්මලා තාත්තලාගෙන් ලැබෙන ආදරයට එහා ගිය අව්‍යාජ ආදරයක් නෑ මගේ ජීවිතේට ආව ගියේ ඔක්කොම බොරු කාරයෝ. මම හිතන්නේ ඒ මගේ පෙර කරපු කරුමයකට. තනියම ඉන්න එක හොදයි කියලා හිතෙනවා. මට පෙම්වතෙක් තාම නෑ. සමහරවිට මම ජීවිත කාලෙම තනිකඩව ඉදියි.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි ශ්‍රී නායක අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *