මගේ හීනේ වුණේ නිළියක් වෙන එක, ටීවි බලලා අනේ මටත් එහෙම වෙන්න ඕන කියලා හිතුවා
පියුමි ශ්‍රී නායක කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍යය වගේම මේ දිනවල පියුමි ශ්‍රී නායක රංගනය කරන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘පාර දිගේ’ කියන්නේ. ඉතින් පාර දිගේ ටෙලිනාට්‍යයේ පියුමිගේ රංගනයට ගොඩක් දෙනෙක් ආස කරනවා. ඉතින් ඒ වගේම පියුමිට ආදරේ කරන අයට ඇයව දැක ගන්න පුලුවන් ඇගේ යූ ටියුබ් නාලිකාව හරහා පවා.

ඉතින් ගමේ ඉදන් කොළඹට ඇවිත් අද වන විට පියුමි හොද සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා. ඒ වගේම පියුමි ශ්‍රී නායක රංගන ශිල්පිනිය පොඩි කාලේ ඉදන්ම හීන දැක්කේ රංගම ශිල්පිනියක් වෙන්න. ඒ හීනෙට පාර කපපු ආකාරය ගැන මේ විදියටයි ඇය එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ.
” මම ගමේ ඉදන් කොළඹට ඇවිත් නිළියක් වුණ කෙනෙක්. පොඩි කාලේ ඉදලා මට තේරෙන වයසෙ ඉදලා මම හීන මැව්වේ නිළියක් වෙන එක. හතර වසරෙ පහ වසරෙ ඉදලා මම සිංහල හින්දි ෆිල්ම් බලලා ඒ විදියට මමත් කවදහරි රගපාන්න හීන දකිනවා. ඉතින් ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම මම කලේ රංගනය පිළිබද ඉගෙන ගත්තා. එක එක වැඩමුලුවලට ගියා. ෆිල්ම්ස් බලලා මම ඉගෙන ගත්තා.

අද මම ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. මගේ අම්මට තාත්තට තමයි මුලින්ම ස්තූති කරන්න ඕන. මම ආසම පොඩි කාලේ ඉදලා මාලනී ෆොන්සේකාටයි සනත් ගුනතිලකටයි. අදටත් මම රගපාපු නිර්මාණ නැවත නැවත බලනවා. එතකොට මට වැරදි අඩුපාඩු හදාගන්න පුලුවන්.’’
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි ශ්‍රී නායක අදහස් දක්වල තිබුණේ.