මගේ දෙවෙනි වාහනේ මම අද ගත්තා, උඩු බුරන අය බිරුවට පස්ස හැරිලා බලන්න එපා, ඉදිරියටම යන්න
නිරූපන ක්ශේෂ්ත්‍රය තුළ කා අතරත් ජනප්‍රිය වගේම සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ඇය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී. පියුමි කියන්නේ සමාජ මාධ්‍ය හරහා නිතරම කතා බහට ලක් වෙන චරිතයක් වගේම සමාජ මාධ්‍යයේ පුවත් මවන කෙනෙක්. ඇගේ පුතා කාවිංග එක්ක තනියම ජීවත් වුනු ඇය මේ වන විට තම ජීවිතයට සහකාරයෙක් හොයා ගෙන තියෙනවා. ඉතින් ප්‍රගීත් සමගින් සතුටින් ඉන්න පියුමි කියන්න තියෙන දේ කෙලින් කියන අපූරු ගැහැණියක්.

ඉතින් මේ වන විටනම් පියුමි ඇගේ හොදම යාලුවා සමගින් රටින් පිට වෙලා ඉන්නවා කියලා අපි කවුරුත් දන්නවා. පියුමි ඉතා ඉක්මනින් රුපලාවන්‍යගාරයක් පටන් ගන්න වැඩ කටයුතු සූදානම් කරගෙන තිබුණත් ඇය පින් කටයුතු වල නියැලෙන නිසා ඒ සල්ලි වියදම් වෙනවා කියලයි පියුමි කියන්නේ.
ඉතින් පියුමි ගැන මෑතකදී අහන්නට ලැබුණේ සුබම සුබ ආරංචියක්. ඒ ඇය මීට කලින් වගේම නැවත වතාවක් දෙවැනි පාරටත් වාහනයක් අරන් තිබුණා. ඇගේ ඒ අවස්ථාවේ ගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා වැඩිපුර සංසරණය වෙනවා. ඉතින් ඒ ජයග්‍රහණය ගැන හිත හොද පියුමි හංසමාලී කාටත් දැන ගන්න තමන් ආව ගමන ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම අද මගේ දෙවෙනි වාහනයත් ගත්තා. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි. බිස්නස් එකක් ආරන හැමෝටම හරියන්න ඕන. හදවතින්මයි මම මේ කියන්නේ. ජීවිතේ දිනන්න ඕනනම් පිටිපස්ස හැරිලා බලන්න එපා. උඩු බුරන අය බුරයි. ඔයා තමන්ගෙ පාඩුවේ ගමන යන්න. මම ආවෙත් එහෙම ගමනක්.”
මේ විදියටයි කවුරුත් ආදරේ කරන පියුමි හංසමාලී ඇගේ ජයග්‍රහණය ගැන අදහස් දක්වලා තිබුනේ.