Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම හිටියේ වැස්සට තෙමෙන ගෙදරක, අද ඉන්න තැන ගැන මට පුදුම සතුටක්

නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ඉතාම ජනප්‍රිය චරිතයක් විදියට පියුමි හංසමාලීව හදුන්වන්නට පුලුවන්. ඉන්ස්ටග්‍රෑම් එකේ මිලියන ගණන් ෆලෝවර්ස්ලා ඉන්න පියුමි ගැන ලොකු කුඩා ඕනම කෙනෙක් දන්නවා. ඉතින් විටින් විට සමාජ මාධ්‍යයේ පුවත්මවන පියුමි හංසමාලිට ප්‍රේක්ෂකයන්ගෙන් මුල් කාලේ නරක කමෙන්ට් අහන්න ලැබුණත් මේ වන විටනම් ඇයට ආදරය කරන දෙනා බොහෝයි.

කෙලින් ඇත්ත කතා කරන කොන්ද පණ ඇති ගැහැණියක් විදියට පියුමි හංසමාලීගේ අවංක භාවයට තමයි බොහෝ දෙනා ප්‍රිය කරන්නේ. ඉතින් මේ වන විට සත්තුන්ට සහ මිනිස්සුන්ට උදව් කරන පියුමි මුල අමතක නැති කෙනෙක්. ඇය ඕනම තැනක ඇගේ අදුරු අතීතය ගැනත් මතක් කරන්න ලැජ්ජා වෙන්නෙ නෑ. ඉතින් ඇය අතීතය ගැන එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” මම ගොඩක් දුප්පත් පවුලක කෙනෙක්. මුලින්ම මම මොඩ්ලින් කරන්න යනකොට දාන්න හයි හීල්ස් දෙකක් නැතුව මම යාලුවෙකුගෙන් ඉල්ලගෙන දැම්මේ. අනික මම හිටියෙ වැස්සට තෙමෙන ගෙදරක. ඒකයි අදට වුණත් මම ගෙදරක් නැතුව ඉන්න අයට පවා දැක්ක ගමන් ගිහින් උදව් කරන්නේ. අපේ මිනිස්සු හරිම ලෝභයි, කුහකයි. අපි මේ කිසි දෙයක් මැරෙන කොට ගෙනියන්නෙ නෑනේ. ගෙනියන්නෙ කරපු පින් ටික විතරයි.’’

ඉතින් මේ වන විට සතුටින් ජීවත් වෙන පියුමි හංසමාලී නැතිබැරි අයට උදව් කරමින් ජීවිතේ උපරිමයෙන් සතුටින් ගත කරන කාන්තාවක්. ඇය හිත හයිය ගැහැණියක්. ඒ විදියට තමයි පියුමි හංසමාලී ජනප්‍රිය නිරූපන ශිල්පිනියගේ ජීවිතය ගැන අපිට ඇය අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *