මම සැලෝන් එකක් දාන්න ඉන්නේ, ඒකට තියෙන සල්ලි තමයි පින් දහම් වැඩ වලට ගන්නේ
නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියත්වයේ ඉහලින්ම ඉන්න කවුරුත් ආකර්ෂණය වෙන රූ සොභාවක් හිමි ඇය තමයි ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි කියන්නේ. පියුමි විටෙක රංගන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂක අපිට දැක ගන්න ලැබුණා. ඉතින් සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක්ටනම් පියුමි හංසමාලිව අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
ඉතින් පියුමි ගැන පසුගිය කාලයේ වගේ දැන්නම් වැඩිය ගොසිප් නිර්මාණය වෙන්නෙ නෑ. මොකද ඇගේ ඇති යහපත් ක්‍රියාවන් නිසා දැන් හැමෝම පියුමි හංසමාලිට ආදරය කරනවා. සත්තුන්ට අදරේ කරන පියුමි සමාජයේ යහපත් ක්‍රියාවන්, පිනට දහමට යොමු වෙලා උතුම් ක්‍රියාවන් සිදු කරනවා.

ගොඩක් දෙනා පියුමිට කතා හදන්නේ අදින පළදින විදිය බලලයි. නමුත් පියුමි කියන්නේ පිටින් බලලා මිනිසුන්ව නිරීක්ෂණය කරන්න බෑ කියලයි. පිනට දහමට හුරු වැඩ කරන එක අසරණ අයට උදව් කරන ඒවා වගේම පියුමි උත්සහ කරන්නේ ඇය හිනා වෙලා ඉන්නවා වගේම තව කෙනෙකුගේත් මූණට හිනාවක් එක් කරන එකයි. ඉතින් අනිත් කෙනාගේ දුක හදුනන පියුමි අද වන විට සියලු සැප සම්පත් ඇතිව ජීවත් වුණත් ඇයට අමිහිරි අත්දැකීම් සහිත අතීතයක් තියෙනවා. ඒ ගැන පියුමි එක්තරා පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ තාත්තා නැති වුනාම අම්මා ගොඩක් දුක් වින්දා. ඉස්සර ඉදන්ම මම හරි ආසයි ලස්සනට අදින්න. මම ගොඩක් ඇන්දෙ නැන්දගෙ දුවගේ ඇදුම්. තුන් වේලක් කන්න බැරි වුණු අවස්ථා ඕන තරම් තියෙනවා. මම බඩගින්න හොදට අදුරනවා. ඒකයි මම වගේම හැමෝගෙම මූණට හිනාවක් ගේන්න මම උත්සහ කරන්නේ. මම ළගදි සැලෝන් එකක් පටන් ගන්න ඉන්නේ. ඒ දේවල් වලට මම ඉගෙනගෙන ඉන්නේ. ඒකට වෙන් කරලා තියෙන සල්ලි වලින් තමයි මම පින් දහම් වලට වියදම් කරන්නෙ. ඒකයි ඒ වැඩේ ටික ටික කල් යන්නේ.”
මේ විදියටයි සුරූපි පියුමි හංසමාලී ඇගේ අදහස් දක්වලා තිබුණේ.