Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ තාත්ති ලංකා බැංකුවෙ වැඩ කලේ, අම්මා ටීචර් කෙනෙක්

පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් හිනා ගස්සන්නට වගේම විවිධාකාර චරිත ගෙන හැර දක්වපු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු. ඇය චරිත ගණනාවක් හරහා කලා ක්ශේෂ්ත්‍රය තුලින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඉතින් පියුමි මේ වන විට ටෙලිනාට්‍යය ගණනාවකම සිය රංගන දක්ෂතා පෙන්වුවද ඇය රංගනය කල ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘පබා’ ටෙලිනාට්‍යයේ හිමාලි විදියට කාගේත් ආකර්ෂණය ලබා ගත්තේ.

ඉතින් පියුමි ප්‍රහසන රංගන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂකයන් අතරට එන චරිතයක්. ඒ වගේම ඇය ගැන පසුගිය දා හැමෝම කතා කරන්නට වුණේ ඇගේ පියාගේ වියෝවත් එක්ක පියුමි සංවේදී වුණු ආකාරය මුහුණු පොතේ රසිකයින් සමගින් දුක බෙදා ගත්තා.

පියුමි කුඩා කාලයේදී හැදී වැඩුණු ආකාරය ගැන ඇය අම්මා සමගින් සහභාගි වුණු එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ අම්මා ටීචින් කලේ. තාත්ති ලංකා බැංකුවේ. පොඩි කාලේ ඉදලම එයාලා අපිට අපේ හැම වැඩක්ම කරගන්න පුරුදු කලා. අපිට රෙදි හෝදගන්නත් පුලුවන්. ඒ හැමදේම ඉගැන්නුවා පොඩි කාලෙම. ඒකාලේ තරහ ගියාට දැන් තේරෙනවා ඒකේ අගේ.’’

මේ විදියටයි පියුමි බොතේජු අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *