මට දැන් අවුරුදු 28 යි, මම 1 වසරෙ ඉදලා ඉස්කෝලේ ගියේ තනියම
චරිතාංග රංගන ශිල්පිනියක් විදියට අද වන විට විවිධ චරිත හරහා අපි අතරට එන ඒ සුරූපිනිය තමයි පියුමි බොතේජු කියන්නේ. ඇය කලා ක්ශේෂ්ත්‍රය තුළ මේ වන විට කාලයක සිට විවිධ දක්ෂතා පෙන්වන කෙනෙක්. පියුමි බොතේජු කලා ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ඇසුරු කරන ඇගේ හොදම මිතුරියන් දෙදෙනෙක් ඉන්නවා. නිරෝෂා විරාජිනි සහ ජයනි සේනානායකයි.

පියුමි ගැන පසු ගිය දා වැඩි පුර කතා කරන්නට වුණේ ඇගේ පියා ඔවුන් අතරින් හදිස්සියේම සමු ගැනීමත් එක්කයි. ඉතින් පියුමි බොතේජු කියන මේ දක්ෂ රංගන ශිල්පිනිය අද වන විට මේ විදියට ශක්තිමත්ව හැදිලා සමාජය එක්ක හොදින් ගණුදෙනු කරන්න පුරුදු වෙලා තියෙන්නේ කුඩා කාලයේ ඉදලම ලැබුණු දෙමාපිය ආභාෂය නිසයි. ඒ ගැන පියුමි මේ විදියටයි එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී කියලා තිබුණේ.

” අපේ අම්මා මට හැම වෙලේම කිව්වේ තමන්ගෙ වැඩ ටික තනියම කරගන්න ඕන කියලා. දැන් මට අවුරුදු 28යි. ඉතින් මම එක වසරෙ ඉදන්ම ඉස්කෝලේ ගියේ තනියම. අම්මා කියන්නේ කහ ඉර ළග සෙනග පිරෙනකම් ඉදලා කට්ටිය පාර පනිනකොට මටත් යන්න කියලා. අනිත් ළමයි අම්මලාගේ අතින් අල්ලන් යනකොට මම තනියම ඉස්කෝලේ ආවම මම චන්ඩියෙක් වගේ. අම්මා මගෙ පස්සෙන් ලොකු අයියව එවනවා කියලා ඒ දවස්වල මම දන්නෙ නෑ.”
මේ විදියටයි පියුමි ඇගේ සුන්දර ළමා කාලය ගැන අදහස් දක්වලා තිබුණේ.