පොඩි කාලේ මම චීත්ත ගවුමක් මගුල් ගෙදරක ඇදගෙන ගිහින් තියෙනවා, අපේ තාත්තා බැංකුවේ, අම්මා ගුරුවරියක්
රංගන ශිල්පිනියක් විදියට මීට අවුරුදු ගණනාවකට කලින් තමයි ඇය කලා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් රසික ආදරය දිනා ගත්තේ. ඉතින් පියුමි කියන්නේ ඉතාම නිහතමානී ඕනම කලා කරුවෙක් සමග සුහදව වැඩ කරන ඒ වගේම තමන්ට ලැබෙන ඕනම චරිත නිර්මාණයකට තම උපරිම දායකත්වය දෙන දක්ෂ රංගන ශිල්පිනියක්.

එදා පබා ටෙලිනාට්‍යයේ හිමාලි වුණු පියුමි බොතේජු මේ වන විට හාස්‍ය උපදවන චරිත වගේම නපුරු චරිත හරහාත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගන්නට සමත් කෙනෙක්. ඉතින් පියුමි කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක් එක්ක කුඩා කාලයේ ඉදලම හැදී වැඩෙන කෙනෙක්. ඇගේ අම්මා ගුරු වෘත්තීය කරන අතර තාත්තා බැංකුවේ සේවය කළේ. ඉතින් පියුමිගේ අතීතය ගැන ඇය මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපි ඉස්සර දුප්පත් පවුලක්. අපේ අම්මලා අපිට ඉගැන්නුවේ හරි අමාරුවෙන්. ඉතින් ඉස්සර අපි සපත්තු දෙකක් වගේ ගන්න ගියාම ගාන බලලා එපා කියපු අවස්ථ තියෙනවා. ඉතින් අපේ පවුලේ වෙඩින් එකකට මම චීත්ත ගවුමක් ඇදගෙන ගියා. දැම්මේ ඉස්කෝලේ දාපු සපත්තු. ඉතින් අනිත් අපේ පවුලේ මගෙ වයස ළමයි ලස්සන ඇදුම් ඇදලා එනවා. මම හිතන්නේ එදා ඒ ගත්ත ෆොටෝ එක නිසා තමයි අද පියුමි බොතේජු කියන මම මේ තැන ඉන්නේ. අද මම මට ආස ඇදුම් අදිනවා. සුදුසු තැනට ගැලපෙන විදියට අදිනවා. කැමති විලාසිතා කරනවා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු ඇගේ අදහස් දක්වලා තිබුණේ.