Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට විසේ තියෙනවා, ෆිල්ම් හෝල් වල බොක්ස් අයින් කරන්න එපා – ජනප්‍රිය නිවේදක පේෂල මනෝජ්

ජනප්‍රිය නිවේදකයෙක් වගේම තබ්ලා වාදකයෙක් වන පේෂල මනෝජ් කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ චරිතයක්. ඔහු ඉදිරිපත් කරන දෙරණ නාලිකාවේ විකාශය වෙන දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ් වැඩ සටහන ප්‍රේක්ෂකයා හරිම ආසාවෙන් නරඹනවා.

ඉතින් පේෂල කියන්නේ දක්ෂ නිවේදකයෙක් වගේම තබ්ලා වාදකයෙක්. ගායනයටත් දක්ෂතා දක්වන පේෂල විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් වන පූර්නිකා පීරිස් සමගයි. ඉතින් පේෂල සහ පූර්නිකා කැදැල්ලේ ආදරය තවත් වැඩි කරන්නේ ආදිගේ සහ අභිමන්‍යුගේ සුරතලයත් එක්කයි.

ඉතින් ඕනම තැනක ඉදිරිපත් වෙලා කතා බහ කරන පේෂල එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගේ අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදියටයි.

” මම හිතන්නේ විසේ කියන දේ හැමෝටම තියෙනවා. ඒකට නාකිද තරුණද කියලා බේදයක් නෑ. අපි හැමෝටම විසේ තියෙනවා. මටත් තියෙනවා. ෆිල්ම් හෝල් වල බොක්ස් තියෙනවා. කපල් ඒවට යනවා. හොටෙල් රූම් වලට යන්නැතුව ෆිල්ම් හෝල් වල බොක්ස් වලට ගියා නම් හරිනේ. මමනම් කියන්නේ සමාජයේ හොද සහ නරක දෙකම තියෙනවා. අපි හොද දේ විතරක් ගන්න ඕන. ෆිල්ම් හෝල් වලට බොක්ස් අයින් කරන්න හොද නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *