Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අම්මා කියන වචනෙ 5 විදියකට කිව්වා නළුවෙක් වෙන්න ඕන නිසා

අපේ රටේ කඩවසම් කලා තරු බොහොමයක් සිටිනවා. ඒ අතරින් නිවේදනයට වගේම රංගනයට දක්ෂතා දක්වන අපේ රටේ ජනප්‍රිය නලුවෙක් තමයි පැතුම් රුක්ෂාන් කියන්නේ. නිරූපන ශිල්පියෙක් විදියට ක්ශේෂ්ත්‍රය තුළ හිටපු පැතුම් පසුව දක්ෂ රංගන ශිල්පියෙක් වුණා. පැතුම් කියන්නේ කලා ක්ශේෂ්ත්‍රයට අමතරව ඔහුගේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. සැලෝන් PR විදියට රූපලාවන්‍යාගාරයක්ද පැතුම් කරගෙන යනවා.

ඉතින් නිවේදකයෙක් විදියට ප්‍රේක්ෂකයා අතරට එන පැතුම් රුක්ෂාන් රිතූ ආකර්ෂා සමගින් ‘ජල්ලි ජකිරි’ වැඩ සටහන ඉතා ආකර්ෂණීය අයුරින් කරගෙන යනවා. ඉතින් පැතුම් රුක්ෂාන් ආදරණීය කලා ශිල්පියා රංගනය කල ‘සදා’ ටෙලිනාට්‍යයට අවස්ථාව ලැබුණු ආකාරය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම නිරූපන ශිල්පියෙක් විදියට වැඩ කරන කාලෙදි මට අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ කාලේ රැවුල තියෙන කෙනෙක් ඕන නිසාලු මාව ගත්තේ. වෙනසක් කරන්න ඕන කියලා. මම ස්ක්‍රීම් ටෙස්ට් එකට ගියාම බය වුණා. මොකද ටීවි එකේ විතරක් දැක්ක ප්‍රවීන රංගන ශිල්පීන් ශිල්පිනියන් මට හැබෑවටම දැක ගන්න ලැබුණා. මට ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම කිව්වා අම්මා කියන වචනෙ පස් ආකාරයට කියන්න කියලා. ඒක කරලා පෙන්නුවා.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී නිවේදක පැතුම් රුක්ෂාන් ඔහුගේ රංගන ජීවිතය පටන් ගත්ත ආකාරය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *