මම අවුරුදු 4 දි මල් කුමාරිට ඉදලා එතනදි මාව දැකලා මට වෙළදැන්වීමකට රගපාන්න අවස්ථාව ලැබුණේ
ටෙලි තිරය වගේම සිනමාව තුළත් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලබා ගත්ත ඒ හුරු බුහුටි ළමා රංගන ශිල්පිනිය තමයි පහන්දි නෙතාරා වල්පිට කියන්නේ. චූටි පහන්දිට වැඩිපුරම ප්‍රේක්ෂක ආදරය ලැබෙන්නේ ‘කියා දෙන්නා ආදරේ තරම්’ ටෙලිනාට්‍යය හරහායි. ඉතින් පහන්දි කියනවාට වඩා ඇයව ගොඩ දෙනෙක් හදුන්වන්නේ මිනායා කියලයි.

කවුරුත් ආදරේ කරන පහන්දි මේ දිනවල පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට එන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය වගේම අක්ෂි ටෙලිනාට්‍යය හරහා. ඉතින් ටෙලි තිරය වගේම සිනමාව තුළත් චිත්‍රපට කිහිපයකම රංගනය කරන පහන්දිට කලා කටයුතු සදහා පාසලේ ගුරුවරුන්ගෙන් වගේම යාලුවන්ගෙන් ලැබෙනවා. ඉතින් පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ සම්මානයක් ලබා ගන්න වාසනාවන්ත වුණු ඇය කලාවට ආව ගමන ගැන මේ විදියටයි එක්තරා පුවත්පතකට හදුන්වා දුන්නේ.
” මම අවුරුදු 4 දි වගේ මල් කුමාරිට ගියා. එතනදි දෙවෙනි මනමාලයට හිටපු මාමා තමයි මට වෙළද දැන්වීමකට අඩගහලා තියෙන්නේ. දැන්නම් මට පාරෙ යන්න බැරි තරමට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම මට කතා කරනවා. ෆොටෝ ගන්නවා.’’

මේ වන විට වෙළද දැන්වීම් සහ ටෙලිනාට්‍යය ගණනාවකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙන පහන්දි රංගනය කරන ලයිෆ්බෝයි ඇඩ් එකත් මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නවා.