Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

බැරිවෙලාවත් හරි අපේ පොරොන්දම් ගැලපුනේ නැත්නම් මම අපේ සම්බන්ධය නවත්තනවා

ඕෂධී හේවාමද්දුම කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වසර ගණනාවක සිට කලා ක්ශේෂ්ත්‍රය තුළ විවිධ චරිත රග දක්වපු ඇය මේ වන විට වැඩිපුර කලා කටයුතුවල දැක ගන්න ලැබෙන්නේ නෑ. නමුත් හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ වෙනස්ම විධියේ චරිතයකට ඇය රංගනයෙන් දායක වුනා.

ඉතින් ඕෂධී හේවාමද්දුම ගැන කියද්දිම හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇගේ සමේ පැහැය. ඉතින් ඇය එක් අවස්ථාවකදී මාධ්‍ය හමුවේ ඇගේ සමේ පැහැයට හේතු දක්වලා තිබුණා. ඇය කියන්නේ හමේ ඇති වුණු අසාධ්‍ය තත්වයක් නිසා ඇයට මේ විදියට හමේ පැහැය එක් වර්ණයකට ගන්න ඕන නිසයි මේ විදියට වෙනස් කලේ කියලා.

කොහොම නමුත් දේශපාලනයට පිවිසුණු ඕෂධී මේ වන විට නම් ආදරණීය දුවෙකුගේ සහ පුතෙකුගේ මවක්. ඇයගේ සැමියා ප්‍රදීප් ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඔවුන්ගේ ආදර කතාව ගැන මුල් කාලයේ අදහස් මේ විදියටයි ඇය එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ ගෙදරින් හදහන් ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරනවා. මම ප්‍රදීප් එක්ක යාලු වුණ මුල් දවස්වලම එයාගෙ හදහන අරන් ගිහින් බැලුවා. මොකද එෆෙයාර් එක කරන් ගිහින් මගදි හිත් රිදීම් ඇති කරගන්න ඕන නැති නිසා. ප්‍රශ්නයක් තිබුණෙ නෑ. බැරිවෙලාවත් හරි අපිදෙන්නගෙ පොරොන්දම් ගැලපුනෙ නැත්නම් මම මේ සම්බන්ධය නවත්තනවා. මොකද අම්මලා කොහොමත් කැමති වෙන්නෙ නෑ එහෙම නොගැලපුනානම්.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *