Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ඉන්ජෙක්ෂන් වලින් නෙමෙයි සුදු වුනේ සිගප්පූරුවේ ක්‍රීම් ගාලා

කාලයක් පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක අපේ ආකර්ෂණය ලබාගත්ත ඇය ඕෂධී හේවාමද්දුම. ඇය රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍යය ගණනාවක්ම මීට පෙර විකාශනය වූවා වගේම මෑතකදී ඇයව දැක බලා ගන්න පුලුවන් වුනා ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිත රංගනයක්.

ඉතින් ජනප්‍රියතම රංගන ශිල්පිනිය විදියට ප්‍රේක්ෂක හදවත් තුල සිටි කාලයේ ඕෂධී විවාහ වෙනවා. ඉතින් මේ වන විට දරුවන් දෙදෙනෙක් ඉන්න ඕෂධී ආදරණීය මවක්. ඇය ගැන සමාජ මාධ්‍ය හරහා විවිධ කතා බහට ලක් වෙනවා. ඒ ඇගේ හමේ පැහැය ගැන. සමහරක් විවිධ චෝදනා එල්ල කරන්නේ ඇය ඉන්ජෙක්ෂන් භාවිතා කරලයි මේ තරම් සුදු වුණේ කියලා. කාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණු ඕෂධීගේ හමේ පැහැය ගැන ඇය එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” ඒක ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක්. ව්‍යාජ ක්‍රීම් භාවිතා කරන අය මාව විකුණලා හම්බකරගන්නවා. මිනිස්සු ගොඩක් අහුවෙලා තිබුණා. මම මෙහෙම පාට වුණේ ඉන්ජෙක්ෂන් කරලා කියල තමයි හැමෝම හිතන්නේ. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි.

මට හමේ ප්‍රශ්නයක් තිබුණා. ඒක ඩොක්ටර්ස්ලා කියන්නේ හමේ අසමතුලිතතාවයක් කියලා. ඉතින් ලෝකේ ගොඩක් රටවලට ගියා. නමුත් අවසානෙදි සිංගප්පුරුවෙන් ඩොකටර් කෙනෙක් මට ක්‍රීම් එකක් හදලා දුන්නා. මීට අවුරුදු 10 කට කලින් වගේ. මගේ මුලු ශරීරයම එකම පැහැය කරගන්න තමයි එහෙම කලේ.’’

මේ විදියටයි ඕෂධී හේවාමද්දුම අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *