Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම සුදු වුනා කියලා වෙන කෙනෙක්ට කසන්නෑනේ, මට බැන බැන කට්ටිය හොරෙන් සුදු වුනා

පුංචි තිරයේ කාලයක පටන් රංගනය අතින් රසික හදවත් වලට සමීප වුණු ඒ ජනප්‍රිය රංගන ශිල්පිනිය තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. මේ දිනවල නිතරම පාහේ ඇයව පුංචි තිරය හරහා දැක ගන්නට නොහැකි වුණත් කාලයක් ඇය පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් වෙලා තිබුණා. ඇය ජනප්‍රිය වුනු කාලයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මාධ්‍යයක් වෙලා නොතිබුණා වගේම පත්තර හරහා තමයි ප්‍රේක්ෂකයන් හමුවට ගියේ.

ඉතින් මේ වන විට පුංචි තිරය හරහා නිතරම දැක ගන්නට නැතත් මේ වන විට ඇයව දැක ගන්න ලැබෙන්නේ හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යය හරහායි. කලා ක්ශේෂ්ත්‍රය හරහා වගේම ඇය දේශපාලනය හරහාත් ප්‍රේක්ෂකයා අතරට ආව නිසාම ඕෂධීට ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබුනා.

ඉතින් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය නිලියක් විදියට ඇය ගැන හැමෝම කතා කරන්නට වුණේ ඕෂධීගේ සමේ පාට නිසා. ඇගේ සමේ වර්ණය මේ තියෙන විදියට වෙනස් කරගන්නට සිද්ධ වුනේ හමේ ඇති වූ ගැටලුවක් නිසා. ඉතින් ඇය ඇගේ අදහස් කිහිපයක් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මම දේශපාලනයට එන්න කලින්ම මම දන්නවා මගේ හමේ පාටට මිනිස්සු මඩ වදිනවා කියලා. ඉතින් මම මගේ හස්බන්ඩ් එක්ක මුලින්ම ඕක කතා කලා. හස්බන්ඩ් කිව්වා මට කමක් නැත්නම් අනිත් මිනිස්සු කියන දේවල් ගනන් ගන්නැතුව ඉමු කියලා. මම සුදු වුණේ ප්‍රශ්නයක් නිසානේ. අනික මම සුදු වුනා කියලා කාටවත් කසන්නෑනේ. එහෙම කස කස මට බනින අය හොරෙන් සුදු වෙනවා. සල්ලි තියෙයිනම් එයාලා සුදු වෙනවනම් වෙන කෙනෙක්ට ඒකෙන් වැඩක් නෑ.”

මේ විදියටයි ඕෂධී හේවමද්දුම අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *