Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට දැන් අවුරුදු 29ක්, ඒකයි විවාහ වුණේ, ඔහු මුණගැහුනෙ FB එකෙන්, එයාගෙ රූපෙට ආස හිතුනෙ

දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගායන තරගාවලිය හරහා තම ගායන හැකියාවන් මැනවින් විදහා පාපු ඒ දක්ෂ ගායිකාව තමයි නුවන්ධිකා සේනාරත්න කියන්නේ. ඉතින් මේ වන විට ඇගේ සංගීත ගමන ඉතා සාර්ථකව හිමින් කරගෙන යනවා. නුවන්ධිකා ගැන පසුගිය ජනවාරි 27 වැන්දා අහන්නට ලැබූනේ සතුටට හේතු වූ කාරණයක්. ඇගේ විවාහය.

ඉතින් නුවන්ධිකා විවාහ වුණේ ජයංග කෞශල්‍ය කියන මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නුවන්ධිකාගේ රසිකයෙක්. ඉතින් ජයංග නුවන්ධිකාගේ හඩට තමයි මුලින්ම ආදරය කරලා තියෙන්නේ. ඇයට ජයංගව මුණ ගැහුණු ආකාරය ගැන මේ විදියටයි නුවන්ධිකා සේනාරත්න අදහස් දක්වලා තිබුණේ.

” අපේ ආදර කතාව ආරම්භ වුණේ මම ඩ්‍රීම් ස්ටාර් තරගයේ ඉන්න කාලෙදි. ඉතින් එයා මගේ fb එකට රික්වෙස්ට් කරලා තිබිලා මම ඇක්සෙප්ට් කරලා. එයා මට මැසේජ් කලාට මම රිප්ලයි කලේ නෑ. ඊට පස්සේ මාස 7ක් වගේ යනකම් එයා මට කතා කරන්න උත්සහ කරලා. මට වෙබ් සයිට් එකක් හදමුද කියලා අහලා මැසේජ් කලාම මම මැසේක් කලා එයාට. ඒ කතාව මාස හතක් අටක් දුර දිග ගියා.

ඉතින් ජයංග මගේ උපන්දිනේට කලින් දවසෙ ආවා මාව බලන්න. මට මුලින්ම එයාගේ රූපෙට තමයි හිත ගියේ. ඉතින් ගෙවල්වලින් ආශිර්වාදය ලැබුනා මගෙ වයසත් 29 නිසා අපි විවාහ වුණා. අපේ අම්මලා කේන්දර එහෙමත් බලලා.හොදට ගැලපිලා. ඔහු මගේ සංගීත ගමනට ලොකු සහයෝගයක් ලබා දෙනවා.”

ඉතින් මේ විදියටයි නුවන්ධිකා ඇගේ සැමියා ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *