Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගෙ උපන්දිනේට කලින් දවසේ හස්බන්ඩ් අයියත් එක්ක අපේ ගෙදර ආවා, දන්නෙම නැතුව ආදරයක් පටන් ගත්තා

දෙරණ ඩ්‍රීම්ස්ටාර් වැඩසටහන හරහා සංගීත ක්ශේෂ්ත්‍රය ආව ඒ මිහිරි හඩක් තියෙන ඇය ජනප්‍රිය ගායන ශිල්පිනිය නුවන්ධිකා සේනාරත්න. ඇය ගායනා කරන මේ දිනවල ඉතා ජනප්‍රිය ගීතයක් වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ තේමා ගීතයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ හැදෑරුවා වගේම ඇය විසිටින් ලෙක්චර් කෙනෙක් හැටියට වැඩ කටයුතු කරනවා.

ඇයට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ අනු අනුශූරතාවය තමයි හිමි කරගන්නට හැකි වුනේ. ඉතින් ඉන් පසුව මේ වන විට නුවන්ධිකා ලිට්ල් ටයිටන් වැඩ සටහනේ විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක් බවට පත් වෙලා තියෙනවා. ඇය ගැන වැඩි පුර සමාජ මාධ්‍ය කතා කරන්නේ නුවන්ධිකාගේ විවාහ මංගල්‍යත් එක්කයි.
ඇගේ අත ගත්ත ඔහු නුවන්ධිකාගේ රසිකයෙක්. ඉතින් ඔහුව නුවන්ධිකාව සම්බන්ධ කරගන්නේ සමාජ මාධ්‍ය හරහායි. ඉතින් ඒ සුන්දර හමුවීම ගැන මේ විදියටයි ජනප්‍රිය ගායිකා නුවන්ධිකා සේනාරත්න අදහස් දක්වලා තිබුණේ.

” ජයංග කෞෂල්‍ය වෘත්තීයෙන් සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. එයා මාව මුලින්ම ටීවිඑකේ දැකලා තමයි මාව කන්ටැක්ට් කරගන්න හදන්නේ. එෆ් බී එකේ රික්වෙස්ට් දැම්මට මම ඒවා ඇක්සෙප්ට් කරන්න ගියේ නෑ. අනික ඒ කාලේ මම යාලුවෝ එක්ක නිදහසේ හිටපු කාලේ. ඉතින් කොහොමහරි අපිදෙන්නා කතා කලා. මාව බලන්න මගේ උපන්දිනේට කලින් දවසේ එයා ආවා එයාලගෙ අයියත් එක්ක. ඔහොම කතා කරලා ආදරයක් පටන් ගත්තා. අවුරුදු දෙකකට පස්සේ අපි දෙන්නා විවාහ වුණා.”

මේ විදියටයි නුවන්ධිකා සේනාරත්න ඇගේ සැමියාගේ හමු වීම ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *