අපි දෙන්නා හමුවෙලා අවුරුදු 2 කින් විවාහ වුණා, එයා සොෆ්ට් වෙයාර් ඉංජිනියර් කෙනෙක්
දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 යේ අනු ශූරතාවය ලබා ගත්ත ඇය නුවන්ධිකා සේනාරත්න. ඉතින් මේ දිනවල නුවන්ධිකා ගැන හැමෝම කතා කරන්නට වුණේ ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ඇය විසින් ගායනා කරන නිසා. ‘සිහිනයක් මැවුණා’ ගීතය තමයි ඇය ගායනා කරන්නේ. නුවන්ධිකා විශ්වාස කරන හැටියට මේ ටෙලිනාට්‍යය මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුවත් මේ තේමා ගීතය කියලයි ඇය හිතන්නේ.

ඉතින් දෙරණ නාලිකාවෙන් බිහි වුණු තරුවක් විදියට නුවන්ධිකා දෙරණෙහිම විකාශය වන දෙරණ ලිට්ල් ටයිටන් තරගාවලිය විනිශ්චය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ දිනවල හැමෝම නුවන්ධිකා ගැන කතා කරන්නේ ඇගේ විවාහ උත්සවය ගැනයි. ඇගේ ආදරණීය සැමියා සහ ඔහුගේ හමු වීම ගැන මේ විදියටයි නුවන්ධිකා අදහස් දක්වලා තිබුණේ.
” එයා මාව මුලින්ම දැකලා තියෙන්නේ ටීව් එකේ. ඉතින් මාව කන්ටැක් කරගන්න ගොඩක් උත්සහ කරලා තියෙනවා. ඒ විදියට කාලයක් යනකොට මමත් රිප්ලයි කරලා එයාගෙ මැසේජ් වලට. ඊට පස්සේ අපි දෙන්නා මුණ ගැහිලා නොදැනීම ආදරයක් බවට පත් වුනා. යාලුවෙලා අවුරුදු 2 කින් වගේ විවාහ වුනා. එයා ජයංග කෞශල්‍ය. වෘත්තීයෙන් සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්.”

ඉතින් නුවන්ධිකා කියන්නේ ගායන තරගාවලියකින් හැමෝම හදුන ගත් කෙනෙක්. නමුත් ඇය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලේ සිටම සංගීතය හොදින් අධ්‍යනය කලා කියලයි නුවන්ධිකා කියන්නේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.