මම සල්ලි වලට වඩා මගේ ගරුත්වය ගැන හිතන්නේ, වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න කැමති නෑ
නිවර්තනා දේවගේ කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ඇය නැගී එන නිලිය විදියට සම්මාන ලබා ගන්නට සමත්කම් දැක්වූවා. ඉතින් සිනමාව තුලින් තම කලා ගමන ආරම්භ කළ නිවර්තනා මුලින්ම රංගනයෙන් දායක වුණේ ‘ ඒ ලෙවල්’ චිත්‍රපටයටයි.

ඉතින් රංගනය සඳහා ඇයට ඇගේ තාත්තා අවස්ථාව ලබා නොදුන්නත් අද වන විට ඇය ගැන වැඩියෙන්ම ආඩම්බර වෙන්නෙත් ඇගේ තාත්තමයි. කලා ගමන තුළ ගොඩක් නිර්මාණ නිවර්තනා ට මගහැරෙන්නේ ඇගේ තාත්තා ඒ රංගන ක්ශේෂ්ත්‍රයට එනවට අකමැත්ත පළ කළ නිසයි. ඉතින් ඒ රංගනය කළ පළමු ටෙලි නාට්‍ය විදිහට ‘ලෝකා’ ටෙලි නාට්‍යය නිසා ඇයට නැගී එන නිළිය විදියට සම්මාන ලබා ගන්නට හැකි වෙනවා.
ඉතින් මේ වන විට විශ්ව විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය හදාරන නිවර්තනා ඇගේ ජීවිතේ ජීවිතයේ රසමුසු තැන් ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවට කියලා තිබුණේ.

” මම වෘත්තිමය වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න කැමති නැහැ. මට ඕනේ කථිකාචාර්යවරියක් වෙන්න. මුදලට වඩා ගරුත්වය ගැනයි මම හිතන්නේ. මේ දවස්වල කැම්පස් එකේ නිබන්ධන එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. මම කීයටවත් හිතුවෙ නෑ සම්මානය මට ලැබෙයි කියලා. පුදුම සතුටක් ආවේ. මට ජනප්‍රිය නිලිය වෙන්න ඕන නැතත් හොදම නිලිය වෙන්න හීනයක් තියෙනවා.”
මේ විදියටයි ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී නිවර්තනා දේවගේ අදහස් දක්වලා තිබුනේ.